EXCLUSIVEINTERNATIONALUncategorised

රංගනගේ අතිවිශිෂ්ඨ රංගනය හමුවේ දොරටු විවර වූ 2014 ලෝක කුසලාන විජයග්‍රහණය

” ශික් රෙද්ද මෙච්චර කරලත් ඒකම කෙලවුනානෙ”..
කකුලටත් පාරක් ගහගත්තු ඩිල්ෂාන් එහෙම කියාගෙන හිටපු බංකුවෙන් නැගිට්ටෙ ඒ වර්ල්ඩ් කප් එකත් ඉවරයි කියල හිතාගෙන වෙන්නත් ඇති..

ඔව් ඉතින්..
සෙමි ෆයිනල් යන්නනම් අනිවාර්යයෙන්ම දිනන්න ඕන වෙලා තිබ්බ මැච් එකේම ඕවර් විස්සට 119 ගැහුවෙ කියන්නෙ ඉතින් ⁣එතනම බාගයක් පරාද වෙලා වගේ තිබුණෙ.

දවස 2014 මාර්තු මාසෙ 31වෙනිදා, අවුරුදු 6කට කළින් හරියටම අද වගේ දවසක.
2014 විස්සයි විස්ස ලෝක කුසලානෙ 30 වෙනි තරඟය..
නවසීලන්තයයි ශ්‍රී ලංකාවයි දෙකම පිට්ටනියට බැස්සෙ දිනන්නම ඕනමැච් එකක් සෙල්ලම් කරන්න..
ටොස් එක දිනල බෝල් කරන්න ගත්තෙ වාසනාවකට කියල නවසීලන්තයට තේරුනේ ඕවර් 19.2කදි ලංකාවේ ටීම් එකම 119කට ඕල් අවුට් කරගත්තට පස්සෙ..

හැබැයි ඉතින් වාසනාව උනත් පුතේ කැරකෙන වෙලාවල් තියෙනවනෙ..
නවසීලන්ත ඉනිම ලකුණු 18ක් වෙද්දි තමයි අපේ කතා නායකය පලවෙනි පාරට ටිකක් සැරට ගේමට එන්නෙ..
මාටින් ගප්ටිල්ගෙ රන් අවුට් එක අරන් දෙන්නෙ වෙන කවුරුත් නෙමේ අපේ අල බෝලෙ රංගයිය..
ඒ ඕවරේම අන්තිම බෝලෙට බ්‍රෙන්ඩන් මැකලම්ගෙ ස්ටම්ප් එක ගන්නවත් එක්කම ලංකාවට තාමත් චාන්ස් එකක් තියෙනව කියල හොඳටම තේරුනා..

අන්න ඒ වෙලාවෙදි තමයි මෑත කාලයේ ලංකාවෙන් බිහිවුනූ හොඳම මොලකාර⁣ය මහේලගෙ මොලේ වැඩ කරන්නෙ..
පට්ට ඇටෑකින් ෆීල්ඩ් එකක් එක්ක ආයෙත් අපි ගේමේ..
කෝමහරි මං ටුවෙන්ටියක දැකපු හොඳම පන්දුයැවීමක් එදා රංගනගෙන් දැක්ක..
එතනිනුත් නීෂම් ට වැට්ට බෝලෙ කොහොමද විකට් එකේ වැද්දෙ කියල ඌත් පැවිලියන් එකට යනකම්ම කල්පනා කරන්න අැති..
කොහොමත් දඟ පන්දුවට ටිකක් දුර්වල නවසීලන්තෙ ටීම් එක පෝලිමේ යන්න ගත්තෙ
රංගනට ලකුණු තුනකට විකට් පහක් දීල..

කොරේ ඇන්ඩර්සන් ආබාධයක් නිසා බැට් කරන්න ආවෙ නැති නිසාම මහේලගෙ අතට ගිය ස්ලිප් කැච් එකත් එක්ක විකට් නමයකින් නවසීලන්ත ඉනිම ඉවර උනේ ලකුණු 60කට..
කෝමින් කෝමින් හරි ෆෝන් නම්බර් එකක් වගේ තිබ්බ නවසීලන්ත බැටින් ස්කෝර්කාඩ් එකේ විලියම්සන්ට ලකුණු 42ක් ලියවුනේ නවසීලන්ත නම්බුව බේරල..
අනිත් එකම බැට්ස්මන් කෙනෙක්ටවත් ලකුණු පහ පන්නන්න වුනේ නෑ..
ලකුණු 119ක් ගහලත් ලකුණු 59කින් දිනපු එ් ටීම් එක නැවතුනේ ඊට සතියකට පස්සෙ වර්ල්ඩ් කප් එකත් උස්සල..
ටෙස්ට් මැච් වල පහුගිය කාලෙම ගැලවුම් කාරය වෙච්ච රංගයිය විස්සයි විස්සටත් ගැලවුම් කාරය උනේ අන්න ඒම..
තරඟයේ වීරය උනෙත් රංගයියම තමයි..

මැචි එකෙන් බාගයක් යද්දිම මැච් එක අතාරින අද කාලෙ ටීම් වලට මහේලල සංගල ඩිල්ෂාන්ලගෙන් ගන්න තියෙන දේවල් බොහොමයි..
දිනන්න අවස්තාවක්නැති වෙන්න පුලුවන්..
හැබැයි ඔබට දිනන්න ඕනනම්..
අවස්තාවක් හදාගෙන දිනන්න..
අන්න ඒමයි මැච් දිනන්නෙ..

©✍

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button