EXCLUSIVE

රටම කොරෝනා භීතියෙන් වෙලී යද්දි ක්‍රිකට් සභාපතිගෙන් ක්‍රිකට් කණ්ඩායමට වෙඩි නොවදින වාහන ගෙන්වීමේ තීරණයක්..

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ පරිහරණයට වෙඩි නොවදින වාහන ගෙන්වීමේ යෝජනාවක් පසුගියදා පැවැති විධායක කමිටුවේදි සලකා බලා තිබේ.ඒ අනුව ක්‍රිකට් සභාපති ශම්මි ද සිල්වා සහ උපසභාපති රවින් වික්‍රමරත්න යන මහත්වරුන් විධායක කමිටුවට දන්වා ඇත්තේ ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නොසලකා හැරිය හැකි තත්වයක් ලෙස සලකා මේ පිළිබද වහාම අවධානය යොමු කළයුතු බවයි.

ඒ අනුව වෙඩි නොවදින වාහන වල මිලගනන් කැදවන්නැයි ක්‍රිකට් සභාපතිවරයා දැනුම් දී තිබේ.මේ පිළිබද ක්‍රිකට් උපසභාපති රවින් වික්‍රමරත්න පවසා ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයේ සංචාරයට සහභාගී වූ නිසා ඕනෑම මොහොතක තර්ජනයක් ඇති විය හැකි බැවින් මෙම තීරනය ගත් බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button