CRICKET NEWSEXCLUSIVE

“ක්‍රීඩකයින් විවේචනය කිරීමට සම්පූර්ණ අයිතිය ප්‍රෙක්ෂකයා සතුයි.” – මහේල ජයවර්ධන

මේ දිනවල සමාජ මාධ්‍ය තුල හුවමාරුවන  බටහිර ඉන්දීය කොදෙව් තරගාවලියේ අවසන් 20-20 තරගය අතරතුර කුසල් මෙන්ඩිස් හා ප්‍රේක්ෂකයන් අතර උනුසුම් වචන හුවමාරුවක් සිදුවන වීඩියෝ පටය පිළිබදව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායනේ හිටපු නායක මහේල ජයවර්ධන අදහස් දක්වා තිබුනේ,

” මම එම වීඩියෝව නැරඹුවා.එය ඉතාම කනගාටුදායක තත්ත්වයක් තරග පරාජයට පත් වනවා ජයග්‍රහණය කරනවා ඒක සාමාන්‍යයයි.නමුත් ඒ හේතුවෙන් ක්‍රීඩකයින් හා ප්‍රෙක්ෂකයින් ගැටීම අනුමත කරන්න බෑ.ක්‍රීඩකයින් විවේචනය කිරීමට සම්පූර්ණ අයිතිය ප්‍රෙක්ෂකයා සතුයි.ක්‍රීඩාව රදා පවතින්නේ ක්‍රීඩකයා මෙන්ම ප්‍රෙක්ෂකයාද නිසයි.මේ දේ සිදු වන්නේ අද ඊයේ ඉදන් නෙවෙයි.ඒ වගේම අපේ රටේ පමණක්මත් නෙවෙයි.ක්‍රීඩකයෙක් වුනාම සෙල්ලම් කරන්න පමණක් ඉගෙන ගත්තට මදි.. පීඩනය කියන දේ දරාගන්න හුරු විය යුතුයි.. ප්‍රෙක්ෂකයෙක් වුනාම ජයග්‍රහණයේදී ඔල්වරසන් දීම වගේම පරාජයේදීත් ක්‍රීඩකයින්ට ශක්තියක් විය යුතුයි ” යනුවෙන්.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button