EXCLUSIVE

“ක්‍රීඩකයන් දෙතුන් දෙනෙක් කොහොමත් එන්නේ බලයෙන්” නායක දිමුත් කරුණාරත්නගෙන් ප්‍රකාශයක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ තේරීම් උදෙසා සිදුවන විවිධ බලපෑම් හා අතපෙවීම් කලක පටන් කතාබහට ලක්වෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් නතුකරගෙන සිටිනා බෝර්න් අගේන් අන්තවාදී කණ්ඩායමේ බලපෑම, ක්‍රිකට් ආයතනයේ ඉහළ තනතුරු දරනා පුද්ගලයන්ට අයත් ක්‍රීඩා සමාජ වල බලපෑම, ක්‍රිකට් ආයතනයේ ප්‍රධානීන්ගේ හිතවත් ක්‍රීඩකයන්ට හිමිවන අවස්තා මේ අතරින් ප්‍රධානයි.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ටෙස්ට් හා එක්දින නායක දිමුත් කරුණාරත්න විසින් මේ බලපෑම පිළිගෙන තිබේ.

ඒ සිය ඉන්ස්ටාග්‍රෑම් ගිණුම හරහා ක්‍රිකට් රසිකයෙකුට යැවූ පණිවිඩයකිනි. එහිදී දිමුත් කරුණාරත්න එම රසිකයාට පවසා තිබුනේ ක්‍රීඩකයන් කිහිප දෙනෙක් පැමිණෙන්නේ බලපෑම් මත බවත් එ‍ය කිසිවෙකුට නවතාලිය නොහැකි බවත්ය.

එම සංවාදය පහතින්,

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button