EXCLUSIVE

ශ්‍රී ලංකා ක්‍රිකට්හි මාරයාගේ හෝරාව.

ඒ 2009 වසරයි, මාර්තු 03වෙනි අගහරුවාදාට හිරු නැගෙන්නේ තවත් ටෙස්ට් ජයග්‍රහණයයක බලාපොරොත්තු ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ සිත් තුල ජනිත කරවමිනි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගනය කරා යෑම ඇරඹුවේ දෙවන ටෙස්ට් තරගයේ තෙවැනි දිනයේ ඊලගට පාකිස්තාන පිතිකරණ අන්තය භාරගැනීමට සිටි පිතිකරුවන්ගේ පාරාදීසයක් බදු වූ කරච්චි ක්‍රීඩාංගනය්දී පැවති පලමු ටෙස්ට් තරගයේ පන්දු යවන්නන්ට හිසරදයක් වෙමින් වාර්තගත ලකුනු 313ක් රැස්කල යුනිස් ඛාන් මේ තරගයේ කලින් දවාගෙන පීඩනය පාකිස්තානය දෙසට යොමු කිරීමේ අටදිටනිණි.

ඒ වන විට පලමු ඉනිම වෙනුවෙන් ලකුනු 606ක දැවැන්ත ලකුනු සංඛ්‍යාවකින් ශ්‍රී ලංකා ලකුනු පුවරුව සමන්විත ව තිබුන අතර ඒ සදහා තිලාන් සමරවීර රැස්කල ලකුනු 214ත් සංගක්කාර සහ ඩිල්ශාන් ගේ පිත්තෙන් ගලා ආ අගනා ශතක දෙකකින් ශ්‍රී ලංකා පලමු ඉනිම වර්ණවත් වී තිබිනි.

ටෙස්ට් තරගයක් පැවැත්වෙන විට පන්දු රකින කණ්ඩායම මුලින් ක්‍රීඩා පිටිය කරා යෑමේ සාමාන්‍යයෙන් සිදුවෙන අතර ලාහෝර් වෙලාවෙන් උදෑසන 8.30ට පමන වන විට නිළ බස් රථයෙන් තම ගමන ඇරඹූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තමා මේ යන්නේ අනෙක් කිසිදු කණ්ඩායමක් අත් නොවිදි බිහිසුනු ගමනක් බව හීනෙකින්වදු නොසිතන්නට ඇත.

පාකිස්තානයේ ලාහෝර් වේලාවෙන් උදෑසන 8.45 කණිසම පසු වුවා පමනකි ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගනය පෙනෙන මානයේය..එක්වරම බසයට වෙඩි වරුසාවක් පතිතවන්නට විනි.ක්‍රීඩකයින් සියලු දෙනා අන්දමන්ද වද්දී ඉදිරි පෙල සිටි ඩිල්ශාන් ගේ කෑගැසීම හමුවේ සියලු දෙනා ශීට් අතර සැගවන්නට විය,රියදුරා බසය නොනවත්වාම ක්‍රීඩාංගනය කරා නොගෙනයන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කතාවේ විශිෂ්ඨයින් සියලු දෙනාගේ ජීව්ත කතාව නිමා වන්නට තිබිනු.

“බුලට් එකක් වැදුනා පපුවට. වැදුන ගමන් මම පිට අල්ලලා බැලුවා පිටවුනාද කියලා, පපුවේ හැමතැනම ලේ ගලනවා”

“හැමෝම හිතුවේ මම මැරෙයි කියලා, ලේ දැකල. වාසනාවකට උණ්ඩය පිටින් ගිහිල්ල තිබුණේ නැහැ”

“එතකොටම වාස් අයියයි, ඩිල්ෂාන් අයියයි කෑ ගැහුව බස් රියදුරුට. go, go (යන්න, යන්න ) කියලා. බස් එක ගියා. තව ටික වෙලාවක් හිටියනම් කවුරුත් ඉතුරු වෙන එකක් නැහැ”

“ඒක චිත්‍රපටයක් වගේ, අපේ දැක්කේ වටෙන් වෙඩි තියනවා, බෝම්බ පුපුරනවා, ටික වෙලාවක් ගිහිල්ල උණ්ඩ ඇතුළට එනකොට තමයි තේරුණේ මේක අපිට එල්ල කරන්නේ කියලා” තරංග පරණවිතාන තමන් ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මුහුණදුන් ත්‍රාසජනක අත්දැකීම හෙළි කළේ එලෙසය.

1972දී මියුනිච් ඔලිම්පික් ප්‍රහාරයෙන් පසු ක්‍රීඩා කණ්ඩායමක් වෙත එල්ල වෙන දෙවන ත්‍රස්තවාදී ප්‍රහාරය ලෙස ආයුධ සන්නද්ධ පුද්ගලයන් 12 දෙනෙකු විසින් සිදු කළ මෙම ත්‍රස්තවාදී ප්‍රහාරය ඉතිහාසයට එක් වන අතර,මේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක මහේල ජයවර්ධන කුමාර් සංගක්කාර හා ඔවුන්ගේ නියෝජිතට තරමක් සුළු තුවාල වූ අතර අජන්ත මෙන්ඩිස් හා සුරංග ලක්මාල් හට හට තරමක් තුවාල සිඳු විය.මෙහිදී තිලාන් සමරවීර සහ තරංග පරනවිතානට බරපතල ලෙස තුවාල සිදුවූ අතර සැත්කම් කිහිපයකටද භාජනය වන්නට විය.එයින් පුද්ගලයන් 20 දෙනෙක් තුවාල ලැබූ අතර පොලිස් නිළධාරීන් 06ක් සහ අවාසනාවන්ත ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම රැගත් බස් රථයේ රියදුරකු සහ තවත් සිවිල් පුද්ගයෙකු ඇතුළුව පුද්ගලයන් 08 දෙනෙකුට තම ජීවිතයෙන් වන්දිගෙවීමට සිදු වූ මෙම නින්දිත ත්‍රස්ත ප්‍රහාරය ලෝකයම කම්පනය කරන්නක් විය..

ගිනිපෙනෙල්ලෙන් බැට කෑ මිනිහා කණාමැදිරි එළියටත් බය යැයි කතාව සත්‍යක් බව පෙන්වන්නාක් මෙන්.”මම නම් ආයිත් කවදාවත් පාකිස්‌තානයට යන්නේ නැහැ. මට අදටත් රතිඤ්ඤා පත්තුවෙනකොටත් බයයි.” යනුවෙන් තිලාන් සමරවීර පවසයි. ඒ තරමටම එම කම්පනය සමරවීරගේ හිතට කා වැදී ඇත.මුලින්ම ඔවුන් වෙඩිතැබුවේ බස්රථයේ රෝදවලටයි. පසුව ඔවුන් අප දෙසට වෙඩිතැබුවා.”මේ ඒ අවාසනාවන්ත සිද්ධියෙන් අනතුරුව මහේල ජයවර්ධන එදා ජාත්‍යන්තර මාධ්‍ය වෙත පැවසූවේ එලෙසිනි.එදා නැතිවන්නට ගිය අපේ ක්‍රිකට් පිල බේරුණේ රටේ වාසනාවටය.එසේම මොහමඩ් කලීල් නම් රියැදුරාගේ අභීතකමටය.මැෂින් තුවක්කු වෙඩි වරුසා RPG බෝම්බ පහරවලින් ශ්‍රී ලංකා කණ්ඩායම බේරාගෙන රිය පැදවීමේ වීර ක්‍රියාවට ශ්‍රී ලාංකිකයින් සහ ක්‍රීඩකයින් සියලු දෙනා ඔහුට ණය ගැතිය,පසුව ඔහු ශ්‍රී ලංකාවට කැඳවා සත්කාර සම්මාන පුද කෙරුණි.නමුත් ඔහු නොවන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කතාවේ විශිෂ්ඨයින් සියලු දෙනාගේ ජීවිත කතාව එකම දිනක මහ මග එසේ නිමා වන්නට තිබිනු.

ඉන් පසුව පකිස්ථායේ අඳුරු සමය ආරම්භ විය.පකිස්ථානයට ICC ක්‍රිකට් තරඟාවලි සංවිධානය කිරීම තහනම් විය.2011 ලෝක කුසලානයට සෙසු ආසියානු ක්‍රිකට් දැවැන්යන් වන ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය සත්කාරකත්වය ලබා දෙද්දි පකිස්ථානයට බලා හිඳින්නට සිදු විය.අනතුරුව ක්‍රමක්‍රමයෙන් පාකිස්‌තාන් ක්‍රිකට්‌ පිල ජාත්‍යන්තර ශ්‍රේණියෙන් පහළට තල්ලුවිය.ආදායම් අතින් බංකොලොත් විය.ප්‍රභල ක්‍රීඩකයින් රැසක් තරග පාවාදීමේ චෝදනා වලට හසුවී තරග තහනමට ලක් විය.වසර දෙක තුනක්‌ යන විට ඔවුන් තම රටේ ගහන්නට බැරි ක්‍රිකට්‌ ඩුබායි සහ අබුඩාබිවලදී පැවැත්වීමට තීරණය කෙරුණි.

පකිස්ථානයට නැවතත් ක්‍රිකට් වසන්තය රැගෙන ඒමේ අදහසින් 2015 වසරේදී සිම්බාබ්වේ කණ්ඩායම පකිස්ථානයට ගියත් එහිදීද තරඟාවලිය අතරතුර බෝම්බයක් පුපුරා ගියේය.. පකිස්ථාන ක්‍රිකට් ප්‍රේක්ෂකයන් ජාත්‍යන්තරය තුළ බොහෝ අසරණ වන්නට මෙය හේතුවක් විය.නමුත් එම සිදුවීමට වසර එකොලහක් ගත වන මේ මොහොත වන විට සියල්ල වෙනස් ව ඇත.2017 සිට තරග සංචාර සදහා ක්‍රීඩකයින්ට අවසර ලැබිනි.නමුත් සෑම රටක්ම එයට අදිමදි කලේය.සියලු කණ්ඩායම් අභිබවා 2017 ශූරයින්ගේ කුසලානය පාකිස්තානය කරා රැගෙන යන්නට පාකිස්තානුවන් සමත් වීම සියලු දෙනාගේම ඇස් ඇරවන්නක් විය.දෛවයේ සරදමට මෙන් ඉන් වසර 10කට පසු එනම් 2019දී පාකිස්තානයේ පූර්ණ තරගාවලි සංචාරයක නිරත වූ පළමු රට බවට පත් වූයේද ශ්‍රී ලංකාවමය.පාකිස්තාන කණ්ඩායම අද ෆීනීක්ස් පක්ශියෙක් මෙන් අළු ගසා නැගී සිටිමින් සිටීන්නේ සියලු කණ්ඩායම් වලට දෙවරක් සිතන්නට යමක් ඉතිරි කරමිනි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button