EXCLUSIVE

ශ්‍රී ලංකා ක්‍රිකට් වසාගත් බ්‍රෝන් අගේන් පිල්ලිය

“ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවෙන් සියලූම බෞද්ධයන් ඉවත් කිරීමට සැලසුමක් ක්‍රියාත්මක වෙමින් පවතිනවාද ?” යනුවෙන් ප්‍රසිද්ධ ක්‍රිකට් වෙබ් අඩවියක ඉංග්‍රීසි බසින් පළවූ ලිපියක් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ගෘපයක පළකර තිබේ. ඉංග්‍රීසි බසින් සංවාද සිදුවන මෙම ගෘපය සාමාන්‍ය රසිකයන්ට වඩා ක්‍රිකට් ක්‍රීඩාවේ සම්බන්ධකම් පවතින නිළධාරීන් ඇතුලු ඉහළ පෙලේ සුවිශේෂි පිරිසක් සිටිනා සීමිත ගෘපයකි.

එම ලිපිය මෙම සමූහයේ පළ කර තිබුනේ “මෙය තවත් එක් අසත්‍ය ලිපියක්ද” ලෙසින් සටහනක් තබමිනි. එම පෝස්ටුවේ අපූරු පුද්ගලයෙක් අදහස් දක්වා තිබුනි. ඒ පසුගිය දින කණ්ඩායමෙන් ඉල්ලා අස් වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු කළමණාකරු චරිත් සේනානායක ය.

ඔහු එම පෝස්ටුවට කමෙන්ට්ස් තුනක් පළකර තිබුනි. ඉන් කියවුනේ ” මෙය අසත්‍යයක් යැයි මම හිතන්නේ නෑ, තත්වය දැනටමත් පාලනය කළ හැකි සීමාවෙන් ගිලිහි අවසන්” යනුවෙනි.

මේ ක්‍රිකට් අප්‍රිය වීම නිසා වර්තමානයේ නිහඩව සිටින අප දිගින් දිගටම සිදු කළ චෝදනාවයි. දැන් ඒ බව පවසන්නේ ජාතික කණ්ඩායමේ හිටපු කළමණාකරුවාය. රූපවාහිනියෙන් තරග නරඹා ෆේස්බුකියේ බයිලා කියන සාමාන්‍ය රසිකයන්ගේ කතා මෙන් මෙය සුලුවෙන් බැහැර කළ නොහැක. චරිත් ජාතික කණ්ඩායමේ හිටපු කළමණාකරුවාය. පෞද්ගලිකව චරිත් සේනානායක යනු ජාතිවාදය, ආගම්වාදය ප්‍රතික්ෂේප කරනා දැඩි ලිබරල්වාදි අදහස් ඇත්තෙකි. මෙම චෝදනාව එවැනි පසුබිමක් ඇති පුද්ගලයෙකුගෙනි. ප්‍රථමයෙන් කණ්ඩායම කතෝලිකරණය වෙමින් පවතින බවට අප හෙළිදරවු කරද්දි චරිත් මා සමග එකග නොවීය. චරිත් සේනානායක සැබැවින්ම මහත්මා ගති වලින් යුත් අවංක පුද්ගලයෙකි. සැබැවින්ම මේ චරිත්ලා මෙතෙක් පිළිනොගත් අවසානයේ එහි ගොදුරක් වූ පසු පිළිගැනීමට සිදු වූ වසර කිහිපයක සිට අප හෙළිකල සත්‍යයයි.

මාතරින් සනත් ලා, ආනන්දයෙන් අර්ජුනලා, නුවරින් මුරලිලා නියෝජනය කළ ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව එක් ආගමික කණ්ඩායමකට පමණක් සීමා විය යුතු නැත. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමේ එකම මිම්ම දක්ෂතාවය විනා ආගමික විශ්වාසයක් හෝ ඇදහිල්ලක් නොවිය යුතුය.

එම නිසා බෞද්ධයන් වීම නිසා සහ කතෝලිකයන් නොවීම නිසා කණ්ඩායමෙන් සහ ක්‍රිකට් ආයතනයෙන් විසි වෙන සිංහල බෞද්ධ සහ නිරාගමික ක්‍රීඩකයන් සහ නිළධාරීන්ට සිදු වන අයුක්තිය වෙනුවෙන් කල් නොයවාම ක්‍රිකට් රසිකයන් ක්‍රියාකාරීව හඩ නැගීම ඇරඹිය යුතුය. ක්‍රිකට් ක්‍රීඩා කිරීමට ආගම සුදුසුකම් නොවිය යුතුය.

එසේ නොමැති නම් කොතරම් දක්ෂතා දැක්වූවද තිරිමාන්නලා, අසලංකලා, හසිත බෝයගොඩලා බංකුවට සීමා වී ලකුණු නැතත් කුරුස සටහන් කරනා කුසල් මෙන්ඩිස්ලාගෙන් සහ බේබදු දික්වැල්ලලාගෙන් කණ්ඩායම පිරී යනු ඇති.

බෝර්න් අගේන් නිකායේ භක්තිකයන් සෑම ආකාරයකම ක්‍රිකට් පරිපාලනයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කරන තුරු ශ්‍රී ලංකාවට ක්‍රිකට් ජයග්‍රහණයක් ලබා ගත නොහැකිය.

දැනට බෝර්න් අගේන් භක්තිකයන්

* ක්‍රිකට් සභාපති

* උප සභාපති

* ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී

* විධායක කමිටු සමාජිකයන් අති බහුතරය

* ක්‍රිකට් තේරීම් කමිටුවේ අති බහුතරය

* බහුතර දේශීය පුහුණුකරුවන්

* ක්‍රිකට් ආයතනයේ සෙසු ප්‍රධාන නිළයන්ගෙන් බහුතරය

* ප්‍රධාන ක්‍රීඩා සමාජ සියල්ලේම බහුතර නිළධාරීන්

* ඉහත සියලූම දෙනා පාලනය කරනා රාගම ක්‍රීඩා සමාජයේ පාදිලි ජෙරම්

බෝර්න් අගේන් නිකාය ක්‍රිකට් පරාජයට හේතු වන්නේ ඇයි ?

සරලවම සෑම අංශයකම ක්‍රිකට් ජාතික කණ්ඩායමේ තේරීම් වලදී මේ වන විට ප්‍රධාන සාධකය වී ඇත්තේ ආගමයි.

නායකත්වය, උපනායකත්වය හා ප්‍රධාන ස්ථාන සියල්ල මෙම නිකායේ ක්‍රීඩකයන්ගෙන් පිරවීම අදාල නිකායේ බලධාරීන්ගේ අරමුණයි.

එවිට කොතරම් අසාර්ථක වූවද එම නිකායේ ක්‍රීඩකයන් කණ්ඩායමට ඇතුලත් කිරීමත්, නායකත්වයට පුහුණු කිරීමත් සිදුවේ.

කොතරම් දක්ෂ වූවද සෙසු ආගම් වල ක්‍රීඩකයන්ට කණ්ඩායමේ ස්ථානයක් නොලැබේ.

මීට අමතරව ක්‍රිකට් ආයතනයේ තනතුරු, පුහුණුකාර ධූර හා කළමනාකරන ධූර වලට පත් වීමටද මේ වනවිට ආගම ප්‍රධාන සාධකයක් වී තිබේ.

ඉතින් බෝර්න් අගේන් භක්තිකයන් සියලූම දෙනා ක්‍රිකට් ක්‍රීඩාවෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කරනා තුරු සමබර, සැබෑ ලෙසින් දක්ෂ කණ්ඩායමකට, නායකත්වයකට ශ්‍රී ලංකාවේ ඉඩ නැත.

ඊට අමතරව වර්තමානයේ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයන්ගෙන් පසු ඉන්දීය බුකිකරුවන් සමග වැඩිම සම්බන්ධකම් පවතින්නේද, තරග පාවා දීම් වලට සම්බන්ධ වාර්තාව පවතින්නේද ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සතුවය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button