EXCLUSIVE

තේරීම් කමිටුව මාව දන්නෙ නෑ කියුවා.

“අද තේරීම් කමිටුවෙ අය බයයි සමහර ක්‍රීඩකයො ටීම් එකෙන් අයින් කරන්න මොකද එයාව ඩ්‍රොප් කරලා ඩොමැස්ටික් ගස්සන්න යැව්වම එයාගෙ තැනට එන කෙනා ප්‍රෆෝම් කලොත් අරයට තැන අවුරුදු ගානකට නැති වෙනවා කියලා එයාලා හිතන නිසා,ෆේල් වෙවී ප්‍රෆෝම් කරනකල් චාන්ස් එක දෙන්නෙ ඒකයි.මිනිස්සුත් බනින්නෙ ඒකයි ඔක්කොම කැමති රට දිනනවට නේ. අවුරුද්දක් ක්ලබ් ලෙවල් එකේ ප්‍රෆෝම් කරලා 100-1200ක් ගැහුවා කියලා ප්ලේස් දෙනවා නම් වැරදී අපි බලන්න ඕන අවුරුදු 2-3ක් එක දිගට කන්සිස්ටන් එක.අන්න ඒ වගේ ගහලා පෙන්නලා තියන කෙනෙක්ට චාස් එක දුන්නා නම් හරි.දැන් ඉන්න සමහර අය නායකයාට අකමැති නිසාත් මැච් පරද්දන්න හදනවා.දැන් ඉන්න සමහර අය ප්ලේස් එක රැකගන්න ඇවරේජ් හදාගන්න බැට් කරන්නෙ.මම දැන් අවුරුදු කීපයක් ඕස්ට්‍රේලියාවෙ සෙල්ලම් කරලා ආවෙ සති දෙකකට කළින් මෙහේ ඩොමැස්ටික් ගහපු පලවෙනි මැච් එකේම ලකුණු 13ට විකට් 3ක් ගත්තා.මම 2016 කතා කලා තේරීම් කමිටු සාමාජිකයෙකුට(කපිල විජේගුණවර්ධන)එයා මගෙන් අහනවා කවුද තිලාන් තුෂාර කියන්නෙ කියලා.අසන්තද මෙල්ලා දැන් ඉන්න තේරීම් කමිටුවෙ අය එක්ක ක්‍රීඩකයො කීප දෙනෙක් එක්ක විතරනේ කතා කරන්නෙ,එයාලා කතා කරලා කියන්නෙත් කීප දෙනාටයි.එයාට කතා කරලා වැඩක් නෑ.අපිට නම් අද වෙනතුරු සිලෙක්ටර් කෙනෙක් කතා කරලා නෑ.

සිලෙක්ටර් කෙනෙක් උනාම දැනගන්න ඕන අපි ගහද්දි මැච් කොච්චර දින්නද කියලා.අපේ Ststs දැනගන්න ඕන.ඒකනේ එයාලව සිලෙක්ටර් කමිටි එකට යවන්නෙ.

2000-2002 කාලේ ශ්‍රී ලංකා ටීම් එකට ප්‍රැක්ටිස් වල බෝල් කරන්න 140න් එහා බෝල් කරන 25 දෙනෙක් ඉදියා ප්‍රභාත් නිශ්ශංඛ මම දර්ශන ගමගේ,දිනූශ ෆනෑන්ඩො,දිල්හාර, සුජීවද සිල්වා..තව ගොඩක් අය හිටියා.සනත් අයියට අකලංකට,උපුල්ට ලේසි උනා අපිට ෆේස් කරලා ගියාම.එයාලා ක්‍රිකට් ලෝකෙ හෙල්ලුවා.අද අපිට 140 වඩා දාන්න ඉන්නෙ ලහිරු මල්ලි විතරයි.දැන් ඉන්න අය කෙලින්ම ගිහින් 150ට දාන බෝලෙට ෆේස් කරන්නෙ මොනවත් ප්‍රැක්ටිස් එක නැතුව.ලංකාවෙ ක්ලබ් ක්‍රිකට් වෙනස් කරන්න ඕන.ප්ලෑන් එකක් ඇතුව යන විදියට.එතනින් ඉන්ටර්නැෂනල් ක්‍රිකට් දක්වා ඒක ගෙනියන්න පුළුවන්.

ලෝකෙ ගොඩක් ක්‍රීඩකයො හොදටම ප්‍රෆෝම් කලේ 30න් පස්සෙ අපේ රටෙත් කුමා අයියා,ඩිල්ශාන් අයියා,සනත් අයියා මහේල අයියා ගත්තත් ලොකුවට ලකුනු ගැහුවෙ 30න් පස්සෙ දැන් ඒක වෙනස් වෙලා 30න් පස්සෙ මෙහේ අය ක්‍රීඩකයින්ගෙ ක්‍රිකට් ඉවර කරනවා.ගොඩක් අය 30 පැන්නම ඕස්ට්‍රේලියාවෙ එංගලන්තයේ.සිලෙක්ශන් කමිටි එක මේවට වග කියන්න ඕන. දක්ෂතා පෙන්නුවම අවස්ථාවක් දෙනවා කියන එක එයාලා හැගීම් දැනීම් ඇතුව කියලා නෑ.”

තිළින තුෂාර මිරැන්ඩෝ මේ අදහස් දැ වූයේ Slight Drive වැඩසහටනට සහභාගී වෙමිනි.ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරග 38ක් ටෙස්ට් තරග10ක් T20 තරග 6ක් ක්‍රීඩා කර ඇති අතර කඩුළු 85ක් දවා ගෙන ඇති අතර,චමින්ද වාස්ගේ දෙවන දෙවන උපත ලෙසින් එකල හැදින් වූ ඔහුද අවසානයේ බොහෝ ක්‍රීඩකයින්ට අත් වූ ඉරණමටම මුහුණ දෙන ලදී..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button