EXCLUSIVE

තේරීම් කමිටුවේ නිසි කලමනාකාරීත්වයක් නොමැති වීම නිසා අහිමි වන්නට යන යුගයේ හොදම පිතිකරුවාගේ සහජ දක්ෂතාව

ශ්‍රී ලංකා ක්‍රිකට් වංශකතාවේ අදුරුතම යුගය මෙසේ ඉලාස්ටික් පටියක් මෙන් දිගින් දිගටම ඇදෙන්නාක් බව අමුතුවෙන් කිව යුතු නැත.

කලක් නවකයින් දවසින් දවස එකතු කර ඔවුනට සාර්ථක වන්නට අවකාශයක් ලැබෙන්නටත් මත්තෙන් අවලංගු කාසියක් සේ කුණු කූඩයට දැමුවා මතකය.

නමුත් දැන් ඇත්තේ වෙනස්ම චිත්‍රපටියකි.

ශ්‍රී ලංකා ක්‍රිකට් අගාදය නම් චිත්‍රපටය මෙසේ ඔවුහූ හැඩ කරන්නේ වෙනස්ම විදියකට ය.

ඒ අනුව දක්ෂයින් ගෙන එද්දී ඔවුන්ගේ දක්ෂතා වලට අවස්ථාව ලබා දෙන්නේ සිතූ සිතූ තැනට ය.

ඊට හොදම උදාහරණය භානුක රාජපක්ෂ නම් අති දක්ෂ පිතිකරුවා ය.

භානුක රාජපක්ෂ නම් මුල් පෙල පිතිකරුවා මේ වන විට විස්සයි විස්ස තරග වල ඉනිම් 6කට දායක වී ඇති අතර එකී ඉනිම් 6 තුල ඔහු අංක 3,5,7 කියන ස්ථාන තුනක පිතිකරන අනුපිළිවෙළින් පන්දුවට පහර දීමට පැමිණ ඇත.

භානුක යනු අද ඊයේ ජාතික කන්ඩායමේ දොරටු විවෘත විය යුතු ක්‍රීඩකයෙක් නොවන බව ඔහු පිත්තෙන් සනාථ කරේ මීට වසර හත අටකට පෙර ය.

රටේ අවඅවාසනාවකට ඒ බව බලධාරීන්ට නොතේරුනහ.එදා කන්ඩායමේ හරි ස්ථානයක් දුන්න නම් අද කන්ඩායමේ නැතුවම බැරි බර අවියක් ය.

මහේල ජයවර්ධන නම් පිතිකරුවා එදා 1997 වර්ෂයේ ආබාධිත හෂාන් තිලකරත්න වෙනුවට කැදවන විට ඔහුට වැඩි වයසක් නැත.එහෙත් ඔහුට කන්ඩායමේ ස්ථාවර වීමට එවකට බලධාරීන් අවස්ථාව දුන්හ.එකී ප්‍රතිඵලයක් ලෙස ඒ ලෝක පූජිත නායකයා මේ ලක් පොළොවට බිහි විය.

විටෙක භානුකද එදා එවන් අවස්ථාවක් ලැබුනා නම් අද කන්ඩායමේ නායකයා වන්නද තිබුනහ.අවාසනාවකට රටේ ප්‍රේක්ෂකයන් මෙන්ම ඔහුද අවාසනාවන්ත විය.

කෙසේ හෝ ලැබු අවස්ථාවෙන් භානුක රාජපක්ෂ යනු කවුරුද වග බලධාරීන්ට ඔහු ලුණු ඇඹුල් ඇතුවම ඔප්පු කරේ පකිස්තාන තරගාවලියේ ය.
ජේෂ්ඨයින් බෑ කියද්දී තෝරු මෝරු වෙනුවෙන් පෙනි සිට නම්බුව බේරූ හාල් මැස්සන් රෑන එකට එකතුව ලෝක විස්සයි විස්ස දැලේ සිහසුනේ සිටි පකිස්තානය ඔවුන්ගේ රටේදීම හුණුකොල්ලෙට දැමුවේ ය.එකී රැනේ එකෙක් වූ භානුක එම තරගාවලියේ දෙවෙනි තරගයේ ජයග්‍රහණයට කැප වූ වීරයා ය.

පලමු තරගයේ ලකුණු 32කින් නැවතුනු භානුක රාජපක්ෂ නම් පිතිකරුවා ජාත්‍යන්තර මත ස්ථාපනය කරන ගමන දෙවෙනි තරගයේදී සාර්ථකව තැනුවේ පන්දු යවන්නන් තඹයකට මායිම් නොකරමින් හතරේ පහරවල් හතරක් සහ දැවැන්ත හයේ පහරවල් හයකින් ලකුණු 77ක් ජයග්‍රහණය වෙනුවෙන් පවුරු බදිමින් ය.

එකී දස්කම් දක්වා සිය ස්ථානයට උපරිමය කල ඔහු ඉන් පසු එළැඹී ඕස්ට්‍රේලියානු සංචාරයේ පලමු තරගයේ අසාර්ථක විය.නමුත් සැලකිය යුත්ත වන්නේ එකී තරගයේ අසාර්ථක වූයේ ඔහු පමණක් නොව සමස්ත පිතිකරුවන්ම ය.ඉන් පසු අනෙක් තරගය සදහා භානුක රාජපක්ගේ නම නම් නොවී ය.එසේ නම් අනිකාද කන්ඩායමට සුදුසු නැති විය යුතු ය.

කෙසේ හෝ ඉන් පසු භානුක කන්ඩායමට නම් කෙරුවත් පිතිකරණය සදහා පිටියට පියමං කරේ අංක හතේ පිතිකරු ලෙස ය.නමුත් ඔහු ඔහුට රිසිසේ සාර්ථක වීමට අවස්ථාවක් නොලැබුනි.පසුව භානුකව ඉන්දිය සංචාරයේදී නොම්බර 07ටම ගාල් කෙරුණි.

අනෙක් අතට දනංජය ද සිල්වා යනුද ආරම්භක පිතිකරුවෙක් බව අමුතුවෙන් කිවයුතු නැත.අවසානයේ ඔහු පසුපෙළ පිතිකරුවෙක් හෝ මැදපෙල පිතිකරුවෙක් විය.නමුත් කන්ඩායමේ ඔහුව මුල්පෙළ පිතිකරුවෙක් කර මැදපෙල පිතිකරුවෙක් ඒ සදහා යෙදෙව්වා නම් දනංජය ද දැන් ඉන්නේ අද ඉන්නා තැන නොව මීට ගව් ගානක් ඉදිරියෙන් බව නොරහසකි.භානුක යනු වන් ඩවුන් ස්පෙශලිස්ට් කෙනෙක් බව අද ඊයේ භානුක ගැන දන්නා වුන් නොදන්නවා වන්නට ඇත.

කෙසේ හෝ ලැබෙන සෑම අවස්ථාවකටම උපරිම ලබා දෙන්නට වෙර දරනා භානුක ගැන ශ්‍රී ලංකා තේරීම් කමිටුවේ සභාපති අසන්ත ද මෙල් මහතා The Island පුවත් පතට අපූරු ප්‍රකාශයක් කර ඇත.ඔහු පවසන පරිදි භානුක හා ඕෂධ පන්දු රැකීමේදී දක්වන වේගය මදි නිසා ඔවුහූ විස්සයි විස්ස කන්ඩායමට නොසුදුසු බව ය.

කන්ඩායමේ එකම ගැටළුව පන්දු රැකීම නොවන බව ඔහු වටහා ගත යුතු ය.එසේම භානුක වැන්නන් පන්දු රැක්කේ අද ඊයේ නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය විමසා බැලුවහොත් වැටහෙනු ඇත.

අජන්ත මෙන්ඩිස් යනු එවකට කන්ඩායමේ දක්ෂතම දග පන්දු යවන්නෙක් ය.නමුත් ඔහු දිල්ශාන් තරම් පන්දු රැකීමේ රුසියෙකු නොවී ය.නමුත් එවකට නායකයා අජන්තව සාමාන්‍යයෙන් පන්දු රකින්නන්ට පහසු ස්ථාන වල පන්දු රකින්නට ලබා දුන්හ.ඔහුගේ දක්ෂතාවයෙන් උපරිමය ගත්තේ පන්දු රැකීම ප්‍රශ්නයක් නොකරගෙන ය.

එවන් හැකියාවක් වර්තමාන නායකයාට තියේද යන්න ප්‍රශ්නයකි.මන්ද කන්ඩායමේ පන්දු යවන්නන් හරි හැටි භාවිතා නොකරන ඔහු වැට ඇති කටින් උත්තර බැන්දත් ලොවම කියනා අසාර්ථක ශ්‍රී ලංකා ක්‍රිකට් පිල පකිස්තානයේ විශිෂ්ඨ ජයග්‍රහණයක් ලැබුවේ අහඹුවක් ලෙස නොවේ ය.කන්ඩායමේ එකමුතුකම හා තැනට සුදුසු දේ ඒ නායකයා කෙරුවේ ජේෂ්ඨත්වයට වඩා නිවැරැදි තීරණයට ඉඩ ලබාදී ය.ඉතිං පෞද්ගලික දක්ෂතා වලටත් වඩා කන්ඩායමේ ඉස්මතු වූයේ සාමූහික දක්ෂතා ය.ජයග්‍රහණය ලැබීම පුදුමයක් නොවේ ය.

එවන් නායකයෙකුගේ පෞද්ගලික දක්ෂතා බැලුවා නම් ඩැරන් සමී වැනි ලෝක කුසලාන දෙකක උරුමකම් කියන නායකයන් කොදෙව්වන්ට බිහි වන්නේ නැත.මන්ද සමීටත් වඩා දක්ෂ ක්‍රීඩකයින් එදා ඔවුන් සතු විය.නායකත්වය යනු දක්ෂතාවයටත් වඩා එහා ගිය දෙයක් මෙන්ම නායකත්වයේ ගුණාංගයන් හා ඒ හැකියාව ගිනිසීරියා ගසක් ලියලන්නාක් මෙන් සෑම ක්‍රීඩකයාටම ලියලන්නේ නැති බව ඔවුහූ වටහා ගත යුතු ය.ඉතිං එවන් නායකයින් මෙන්ම වටිනා ක්‍රීඩකයින් ආරක්ෂා කර ගැනීමට බලධාරීන් වගබලා ගත යුතු ය.

එමෙන්ම මාලිංගගේ කයිවාරුවට මෙල් ද සාක්ෂි මෙන් දී කිරට බළල්ලුත් සාක්ෂි කරවා නොගන්නේ නම් මේ දක්ෂයින්ගෙන් සැදුම්ලත් තුරුම්පු පිරි කාඩ් අතේ තුරුම්පු මෙන්ම වාසි කොළ නිවැරැදි නායකත්වයේ දෑතකින් හරි තැනදි ඇද්දා නම් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉරණම ඉදිරියේදී මේ තරම් කාශ්ඨක නොවනු ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button