EXCLUSIVE

ලංකාවෙ ක්‍රිකට් ටීම් එක අද හරි අවාසනාවන්ත තැනකට ඇවිත් – චාමර සිල්වා

“මම වැඩ කරපු නායකයෝ එක්ක හා දැක්ක අය එක්ක හොඳම නායකයා මහේල ජයවර්ධනඑයාගේ නායකත්වය අති විශිෂ්ඨයි.මහේලගෙන් පස්සේ සංගට නායකත්වය ලේසි උනා.මොකද සංගා හැදුනේ මහේල යටතේ.

මහේල ක්‍රිකට් වලදි ගන්න තීරණ , එයාට ක්‍රිකට් ගැන තියෙන දැනුම කතා කරලා ඉවර කරන්න බැරි තරම්.අපි ඇත්තටම වාසනාවන්තයි එයා යටතේ ක්‍රීඩා කරපු එක ගැන.දැන් ක්‍රිකට් වල එහෙම නෑ.ඒ අත්දැකීම් දැන් දෙන්න කෙනෙක් නෑ.අපි හරි අවාසනාවන්ත තැනකට ඇවිත් ඉන්නේ ඒකයි.

මහේල කියන එක්කෙනාට ගේම් එක ඕනේ වෙලාවක හරවන්න පුළුවන්.බෝල් කරත් බැට් කරත් එයා ඒක කරනවා.මුරලි අයියා මුල් කාලේ බෝල් කරේ ඕවර් ද විකට්.එයා කැමතිම නෑ රවුන්ද විකට් බෝල් කරන්න.ඉතින් එයාට රයිට් හෑන්ඩ් බැට්ස්මන්ලා අපූරුවට වහලා ගහන්න පටන් ගත්තා.මහේල අයියා පොර කාලා පොර කාලා තමා මුරලි අයියව කැමති කර ගත්තේ රවුන්ද විකට් බෝල් කරන්න.රණ්ඩු කරලා වද කරලා මුරලි අයියව කෝම හරි මහේල අයියා එතනට ගෙනාවා.ඊට පස්සේ මුරලි අයියම රවුන්ද විකට් බෝල් කරනවා.මහේල අන්න එහෙම ඕනේ ක්‍රීඩකයෙක්ගෙන් ගන්න ඕනේ දේ ගත්තා.අපිට උනත් ගහන වෙලාවට කවදාවත් ලොකු ප්‍රෙශර් එකක් දෙන් නෑ..කතා කරන්නේ බොහොම සාමාන්‍ය විදියට.එයා දන්නවා ක්‍රීඩකයට කොහොමද කතා කරන්න ඕනේ , එයාගෙන් මොනාද ගන්න පුළුවන් ඒක ගන්නේ කොහොමද කියලා..

දැන් බලන්න ලංකාවේ ස්කූල් ක්‍රිකට් ඩොමෙස්ටික් ක්‍රිකට් එකයි තියෙන හැටි.. දැක්කාම අපිට දුක හිතෙනවා.අපි පොඩි අයට බැනලා වැඩක් නෑ.. එයාලව ගොඩ ගන්න අපේ පාලනට කිසිම උනන්දුවක් නෑ..”

චාමර සිල්වා මෙසේ ප්‍රකාශ කලේ straight drive රූපවාහිනී වැඩ සටහනට සහභාගී වෙමිනි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button