EXCLUSIVE

බෝර්න් අගේන් නිකායේ පවුලක් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම විනාශ කළ හැටි!

මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, තේරීම්, ක්‍රීඩා සමාජ හා සියලූම මෙහෙයුම් හසුරුවන්නේ එක් කල්ලියක් විසිනි. එනම් ජෙරම් ෆර්නැන්ඩෝ පාදිලිවරයා විසින් නායකත්වය දෙන ශ්‍රී ලංකා ක්‍රිකට් බෝර්න් අගේන් කල්ලියයි. ක්‍රිකට් සභාපති ශම්මි ද සිල්වා, ප්‍රධාන විධායක නිළධාරී ඈෂ්ලි ද සිල්වා සියල්ලන්ම මෙම නිකායට අයත් පිරිස්ය.

මෙය රටම දන්නා, ජනමාධ්‍ය පවා වාර්තා කරනා, එනමුදු කිසිදු බල අධිකාරියක් විසින් අත නොතබන මාෆියාවක්ව තිබේ. ඒ හේතුවෙන් කලක පටන් ක්‍රිකට් ක්‍රීඩාව සින්නක්කරව සිය බූදලයක් කර ගෙන කටයුතු කරනා මෙම සංවිධානාත්මක කල්ලිය මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ හිමිකරුවන් හා සර්ව බලධාරීන් වී සිටියි.

මෙම මාෆියා කල්ලිය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ සෑම වගකීමක්ම, රාජකාරියක්ම පවරා දෙන්නේ සිය කල්ලියට අයත් පුද්ගලයන්ටමය. මෙය ඔවුන් කලක පටන් සිදුකරනා ජාවාරමකි.

ක්‍රිකට් තේරීම් කමිටුව, ක්‍රීඩා සමාජ, ක්‍රීඩා සංගම්, පුහුණුකරණ කාර්ය මණ්ඩලය, ක්‍රිකට් ආයතනයේ නිළධාරී මණ්ඩලය ඇතුලු ක්‍රිකට් ආයතනයට හා ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ සියලූම තනතුරු හා වරප්‍රසාද සිය ආගමික කල්ලිය අතර බෙදාගැනීම ඔවුන් කලක පටන් සිදු කරන්නකි.

කලකට වරක් එම තනතුරු වෙනස් කළද ක්‍රිකට් මාෆියාවේ සිටිනා පුද්ගලයන් වෙනස් වන්නේ නැත. උදාහරණයක් ලෙසට ක්‍රිකට් බෝර්න් අගේන් නිකායේ බලවත්ම සාමාජිකයෙකු වන ජෙරම් ජයරත්න ක්‍රිකට් ආයතනය තුල එකිනෙකට වෙනස් විවිද තනතුරු හෙබවූයේය. වාර්තා වන අන්දමට මීළගට ඔහුට හිමිවන පත්වීම ජාතික කණ්ඩායමේ පුහුණුකරු ධූරයයි. ඒ මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ බෝර්න් අගේන් නිකාය කටයුතු කරනා අන්දමයි.

එවැනි පසුබිමක ශ්‍රී ලංකා යොවුන් ලෝක කුසලානයේ පළමු වටයෙන්ම ඉවත් විය. ඒ මුල් වටයේ ඉන්දියාවට හා නවසීලන්තයට එරෙහි තරග පරාජයට පත්වීම හේතුවෙනි. මේ වනවිට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම නයිජීරියාව, ජපානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමග පරාජිත කණ්ඩායම් අතරින් හොදම කණ්ඩායමට ලබා දෙන පලඟ ශූරතාවයට තරග කරමින් සිටියි.

එලෙසට පසුගිය සමයේ ක්‍රිකට් ආයතනය යොවුන් ක්‍රිකට් කණ්ඩායම භාර දුන්නේ එම කල්ලියේම එක් පවුලකටය. එනම් ක්‍රිකට් සභාපති ශම්මි ද සිල්වාට සමීපතම හෂාන් තිලකරත්න පවුලටය.

හෂාන් තිලකරත්න පවුල යනු ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු හෂාන් තිලකරත්න සහ ඔහුගේ බිරිඳ අප්සරි තිලකරත්නය. ඔවුන් මින්පෙර තිලංග සුමතිපාල යටතේත් ක්‍රිකට් ක්‍රීඩාවේ තනතුරු දැරූ පුද්ගලයන් විය.

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිලකරත්න පවුලේ බලපෑම කෙතරම් දැයි කියතොත් හෂාන් තිලකරත්නගේ පුතුන් දෙදෙනා වන දුවිදු තිලකරත්න සහ රවිඳු තිලකරත්න දෙදෙනාම ශ්‍රී ලංකා දහනමයෙන් පහළ කණ්ඩායමට තෝරා ගත්තේය. සැබෑ දක්ෂ ක්‍රීඩකයන් කපා තිලකරත්න දරුවන්ට අවස්තාව හිමි වූයේ සැබෑ දක්ෂතාවයටමදැයි නැතහොත් වෙනත් වරප්‍රසාදයකටදැයි ක්‍රිකට් ක්ෂේත්‍රයම දනියි.

අප්සරි තිලකරත්න ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේද ප්‍රධාන පුහුණුකාරිය වශයෙන්ද කටයුතු කළේය. මේ වනවිට යොවුන් කණ්ඩායමේ ප්‍රධාන මෙහෙයුම් සිදු කරනුයේද අප්සරි තිලකරත්න විසිනි.

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ පිළිගත් පුහුණුකිරීමේ සහතිකයක් හෝ කුසලතාවයක් නොමැති සචිත් පතිරනය. එනම් මහනුවර ක්‍රිකට් සමාජයේ සභාපති සහ ශම්මි ද සිල්වාගේ සමීපතම සගයෙක් වන ජනක පතිරණගේ පුත්‍රයාය.

බෝර්න් අගේන් කල්ලියේ ප්‍රබල සමාජිකයෙකු වන, තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල්ගේ සුචච කීකරු සඟයා විනෝතන් ජෝන් යොවුන් කණ්ඩායමේ නාමික තේරීම් කමිටු නිළධාරියාය. කෙසේ වෙතත් ජාතික කණ්ඩායමේ මෙන්ම සියලු තේරීම් සිදු වන්නේ බෝර්න් අගේන් කල්ලියේ ඉහළම නිළධා‍රීන්ගේ අවශ්‍යතාවන්ට අනුවය.

බෝර්න් අගේන් මුදලාලිලාට ක්‍රිකට් ක්‍රීඩාව ව්‍යාපාරයක් හා සිය ආගම පැතිරවීමේ උපකරණයක් පමණකි. වසර කිහිපයකට සිට යොවුන් කණ්ඩායමේ අවස්තාව හිමි කර ගැනීමට නම් ක්‍රිකට් මාෆියාවේ ඉහළ නිළධාරියෙකුගේ ආශිර්වාදය හා උපකාර හිමිවිය යුතුමය.

අද ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ බහුතරය පිරී ගොස් ඇත්තේ ක්‍රිකට් ආයතනයේ ප්‍රධානීන්ගේ දරුවන්, ඔවුන් නියෝජනය කරනා පාසල් ආදිශිෂ්‍ය සංගම් හෝ ක්‍රීඩා සමාජ හරහා වරප්‍රසාද හිමිවන ක්‍රීඩකයන්ගෙනි.

2018 වසරේ යොවුන් ක්‍රිකට් ලෝක කුසලානයේ තීරණාත්මක තරග වලදී ශ්‍රී ලංකාවේ දක්ෂතම පිතිකරුවා වූ හසිත බෝයගොඩ ඉවත් කර ශ්‍රී ලංකාව ක්‍රීඩා කිරීමත්, මෙවර ලෝක කුසලානයේ හොදම පිතිකරුවා වූ අශාන් වික්‍රමසිංහ ඉන්දීය තරගයේ ඉවත් කිරීමත්, ජයග්‍රහණය කළ යුතුම වූ නවසීලන්ත තරගයේ නොම්මර අට පිතිකරුවා ලෙස එවීවත් විග්‍රහ කර ගත යුත්තේ මෙවන් පසුබිමක සිටය.

ශ්‍රී ලංකා ක්‍රිකට් බෝර්න් අගේන් කල්ලියේ ප්‍රබල සමාජිකයෙක් වන ක්‍රිකට් උපසභාපති රවීන් වික්‍රමරත්නගේ සමීපතම සගයෙකු වන හිටපු ක්‍රීඩක ෆර්වීස් මහරූෆ් යොවුන් කණ්ඩායමේ කළමණාකරුය. මින්පෙර කිසිඳු කළමණාකරණ හෝ තේරීම් සම්බන්ධ අත්දැකීමක් නොමැති මහරූෆ් එක්වරම යොවුන් කණ්ඩායමේ තේරීම් නිළධාරියෙකු ලෙස පත් කළේ රවීන් වික්‍රමරත්නය.

වාර්තා වන අන්දමට යොවුන් කණ්ඩායමට මත්පැන් බෝතල් හෝටලය තුලටම ගෙන යෑමට ඉඩදීමටද ෆර්වීස් මහරූෆ් කටයුතු කර තිබේ. කළමණාකරුවෙකු වශයෙන් ෆර්වීස් මහරූෆ්ගේ රාජකාරිය වී ඇත්තේ යොවුන් ක්‍රීඩකයන් ලීග් තරගාවලි සඳහා සම්බන්ධ කිරීමට මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කිරීමය.

ඕනෑම රටක යොවුන් කණ්ඩායම යනු ඒ රටේ ක්‍රිකට් අනාගතයයි. වසර කිහිපයක සිට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම යොවුන් ලෝක කුසලානයේ පළමු වටයෙන්ම ඉවත් වේ.

ඒ මෙරට ක්‍රිකට් ක්‍රීඩාව සම්පූර්ණයෙන්ම විනාශ කර, ක්‍රිකට් අනාගතය තීරණය කරනා යොවුන් කණ්ඩායමද විනාශ කළ එකම මාෆියා කල්ලියක ක්‍රියාකලාපය හේතුවෙනි.

 හෂාන් - අප්සරි තිලකරත්න

සබැඳි පුවත් : අසන්ත ද මෙල්ගේ මොට්ට තීරණ ඉන්දීය ක්‍රිකට් විචාරකයන්ගේත් විවේචනයට

මොකක්ද මේ ශ්‍රී ලංකා ක්‍රිකට් වසා ගත් “බෝර්න් අගේන්” පිල්ලිය ?

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button