CRICKET NEWS

දෙවන ටෙස්ට් තරගය අදයි – ටෙස්ට් තරගාවලි ජයක් සොයා සිංහ පැටවුන් පිටියට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ අවසන් තරගය අද (27 දා) හරාරේ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ප. ව. 1. 30 ට ආරම්භ වීමට නියමිතය.

පළමු තරගය පහසුවෙන්ම කඩුලු 10 කින් ජය ගත් ශ්‍රී ලංකාව මෙම තරගයත් ජය ගතහොත් සිම්බාබ්වේ කණ්ඩායමේ ටෙස්ට් ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 13 දක්වා අඩුවනු ඇත.

ලෝක ටෙස්ට් ශූරතාවට අයත් නොවන මෙම තරගාවලිය් ශ්‍රී ලංකාව 2-0 ක් වශයෙන් ජයගත්තත් ශ්‍රී ලංකාවේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව (92) වෙනසක් නොවේ.

පළමු ටෙස්ට් තරගයද හරාරේ ක්‍රීඩාංගණයේදීම පැවැති අතර එම තරගය ක්‍රීඩා කළ තණතීරුව මාරු කරමින් මෙම තරගය සඳහා වෙනත් තණතීරුවක් යොදා තිබේ.

සිම්බාබ්වේහි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ පහක් තිබුණද හරාරේ ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ පමණක් වත්මන් තරග පැවැත්වේ.

හරාරේ ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේදී මෙතෙක් සිම්බාබ්වේ සහභාගි වූ ටෙස්ට් තරග 35 දී ජයග්‍රහණ අටක් සහ පරාජයන් 19 ක් ලබා තිබේ.

නමුත් ශ්‍රී ලංකාව එහිදී සහභාගි වූ තරග අටෙන් පහක් ජය ගනිද්දී විසඳුමකින් තොරව තරග දෙකක් පමණක් අවසන්ව ඇත.

සිම්බාබ්වේ කණ්ඩායම හරාරේහිදී ටෙස්ට් ජය ලබා ඇත්තේ බංග්ලාදේශයට එරෙහිව සිව් වරක්, ඉන්දියාවට එරෙහිව දෙවරක්, පාකිස්තානයට එරෙහිව දෙවරක් වශයෙනි.

නමුත් ශ්‍රී ලංකාවට එරෙහිව කිසිම ටෙස්ට් ජයග්‍රහණයක් සිම්බාබ්වේ මෙතෙක් වාර්තා කර නොතිබීමද විශේෂත්වයකි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button