CRICKET NEWSEXCLUSIVEINTERNATIONAL

1996 ලෝක කුසළාන ජයග්‍රහණයට 24 වසරයි.

ඒ අතීතය එතරම්ම ඈතක නොවේ. එක්දින තරගය පළමු පන්දුවාර 15දී කඩුලු ලබා නොදී ලකුණු 45ක් ලබාගැනීම වුව ප්‍රමාණවත් යැයි සිතූ යුගයේ ශ්‍රී ලංකා ඉනිමේ අවසන් පන්දුවාර 10 දී පිටියට එක්වන සනත් ජයසූරිය සහ රුවන් කල්පගේ පිටිය සිසාරා පන්දුවට පහරදුන්නේය.සනත්ගේ මේ ප්‍රහාරක ජවය දැක ඔහුට ආරම්භක පිතිකරුවා ලෙසින් උසස්වීම් දී සිදුකළ සනත්-කලූ ද්විත්ව ප්‍රහාරය 1995/96 බෙන්සන් ඇන්ඩ් හෙජ්ස් කුසලානයේදී ලෝකයේ එක්දින ක්‍රිකට් රටාව උඩු යටිකුරු කිරීම ආරම්භ කලේය,එහි ස්වර්ණමය අවස්ථාව සනිටුහන් කෙරුනේ 1996 ලෝක කුසලාන තරගාවලිය උඩු යටිකුරු කරමිනි.

1996 ලෝක කුසලානයට ශ්‍රී ලංකාවට එළබෙන්නේ ඕස්ට්‍රේලියානුවන් සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩයම් ආරක්ෂක ප්‍රශ්න නිසා ශ්‍රී ලංකාවේ තරග කිරීම ප්‍රතික්ෂේප කරන පසුබිමකය.අනෙක් අතට 96 ලෝක කුසලානයට ශ්‍රී ලංකාව පිවිසෙන්නේ එතෙක් ලෝක කුසලාන තරගාවලි 5කට සහභාගී වී තරග 26ක් ක්‍රීඩා කර තරග 4ක් පමනක් ජයග්‍රහණය කර, 20ක් පරාජය වී තරග 2ක් ජයපරාජයෙන් තොරව අවසන් කරගත් දුර්වල රටක් ලෙස ලෝක කුසලාන ඉතිහාසයේ සනිටුහන් කර තිබෙන අවදියකයි.නමුත් එදා තිබූ ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරන පන්දු යැවීම සහ පන්දු රැකීමේ දක්ෂතා.අනෙක් කණ්ඩායම් හා සසදද්දි ඉතා ඉහල මට්ටමක විය.

ඉන්දීයාව සමග අති උද්වේගකර තරග අවසානයකින් හා ක්‍රිකට් ක්‍රීඩාවට කළු පැල්ලමක් එක් කළ තරග නරඹන්න ලෙසට ඉන්දියානුවන් ලෝක ක්‍රිකට් ඉතිහාසයේ නම් තැබූ තරගයකින්,පසුව අවසන් තරගයට ශ්‍රී ලංකාව එළබෙන්නේ වසර ගනනක සිට ශ්‍රී ලංකාව හඹා ආ ඕස්ට්‍රේලියානුවන් සමග පාකිස්තානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩංගනයේදීය.මුළින්ම පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියාව කඩුලු 7කට ලකුණු 241කට සීමා කරන්නට චමින්ද වාස් ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු බල ඇණිය සමත් විය.

පිළිතුරු ඉනිම සදහා පිටියට පිවිසි සනත් ජයසූරිය හා රොමේශ් කළුවිතාරණ ලකුනු 5ක් තුල නරඹන්නන් බවට පත් කිරීමට සමත් විය.කෙමෙන් කෙමෙන් ලකුණ් අතරට පිවිසුන ගුරුසිංහ සහ අරවින්ද සිල්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ බලාපොරොත්තු ඉහල නංවන්නට විය.පසුව 4 වන කඩුල්ලට එතෙක් මෙතෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් බිහි කළ අතිවිශිඨතම පිතිකරුවා වූ අරවින්ද සිල්වා හා එක් වුනු අර්ජුණ රණතුංග ශ්‍රී ලංකා ක්‍රිකට් වංශකතාව වෙනස් කරමින්.ප්‍රථම වරට ක්‍රිකට් ලෝක කුසලානයක් දිනා දෙමින්.ශ්‍රී ලංකා ක්‍රිකට් නව යුගයකට මග එළිකලේය.ඒ පිළිබද නායක අර්ජුණ රණතුංග සිහිපත් කරන ඒ වීර කතාවේ මතකයයි.

එදා මං ග්‍රවුන්ඩ් එකට යද්දී අරවින්ද ලකුණු 50 ගහලා හිටියේ.මං ඇවිදගෙන එද්දී ඔස්ට්‍රේලියානු ක්‍රිඩකයන් අනම් මනම් කියන්න ගත්තා.අරවින්ද ලගට ඇවිත්
“අර්ජු,ඔලුව අප්සට් කරගන්න එපා,ඔයා ඉන්න ඕනී.අපි මේක කරමු” කියලා කිව්වා.සමාන්‍යෙන් මට කවිරුහරි මොනාහරි කියද්දී මට හොඳට සෙල්ලම් කරන්න පුලුවන්.කවුරු හරි කෑ ගාද්දී මගෙ සාමාන්‍ය ක්‍රිඩා විලාසයට වඩා තරඟ විලාසය හොඳ වෙනවා.නමුත් අරවින්ද ට බයක් තිබුනා.අපි මේක ඉවර කරේ නැත්නම්,රොෂාන්..හෂාන් හිටියට ඒ පීඩනය එක්ක අපෙන් තරඟය ගිලිහෙයි කියලා .මට මතකයි ෂේන් වෝන් බොල් කරන්න එද්දී අරවින්ද මගේ ලඟට ඇවිත් කිව්වා “ගහගෙන ගහගෙන යන්න එපා” කියලා.ඒත් මං හිතුවා ඕවරේකට 10-15 ක් ගැහුවොත් රන් රේට් එක අල්ලගන්න වගේම ප්‍රිඩනයත් අඩුකරගන්න පුලුවන් කියලාපලවෙනි බෝලේටම මං 4 ක් ගැහුවා. අරා ලඟට ඇවිත් කිව්වා දැන් 4ක් ඇවිත් තියෙනවානේ.ඊලඟ එක බලමු කියලා. ඒත් මං ඊලඟ එකටත් ගැහුවා.අපි දෙන්නට තිබ්බා දෙන්නව අදුරගැනිමේ ශක්තියක්.ඒ තේරුම් ගැනීම මත ඒ හරහා අපිට පුලුවන් වුනා තවත් තරඟ ගනණක් ජයග්‍රහණය කරන්න.

ඔවුන් එසේ වෙනස් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව අද ඇත්තේ කොහිද?ක්‍රීඩකයින්ගේ එකමුතු භාවයට වී ඇත්තේ කුමක්ද? සිතා බලා නිගමනයකට එළබීම ඔබට භාරයි..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button