CRICKET NEWSEXCLUSIVEUncategorised

සියළු වාර්තා බිදහෙළමින් නවෝද් පරණවිතානගෙන් ලකුණු 409ක දැවැන්ත ඉනිමක්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ක්‍රීඩකයෙකු රැස් කල වැඩිම ලකුණු සංඛ්‍යාව ගාල්ල මහින්ද විද්‍යාලයේ ආරම්භක පිතිකරු නවෝද් පරණවිතාන අද රැස් කළා.

ඔහු මෙම දස්කම දැක්වුයේ අම්බලන්ගොඩ ධර්මාශෝකයට එරෙහිව වන අතර නවෝද් එහිදී ලකුණු 409ක් ලබා ගැනීමට සමත් වුණා.

පන්දු 327ක් පුරාවට දිගහැරුණ නවොද්ගේ එම ඉනිමට දැවැන්ත හයේ පහරවල් 19ක් සහ හතරේ පහරවල් 39ක් ඇතුලත් වුනා.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ඕනෑම මට්ටමක වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩාවකදී එක් ඉනිමක් වෙනුවෙන් පිතිකරුවෙකු ලකුණු 400 ක් රැස් කළ පළමු අවස්ථාව ලෙසද මෙය වාර්තා පොත් අතරට පැමිණෙනනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button