CRICKET NEWS

වනිදුට හා කුසල් ජනිත්ට සති කිහිපයක් ක්‍රිකට් තහනම්

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති අවසන් T20 තරගාවලියේ දී ආබාධයට ලක් වූ කුසල් ජනිත් හා වනිඳු හසරංග මේ වනවිට වෛද්‍ය ප්‍රථිකාර ලබමින් සිටියි.

මේ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ වනිඳුහට එළඹෙන තරඟ සංචාර කිහිපයක් ක්‍රීඩා කිරීමට නොහැකි වනු ඇති බවයි.

වනිදු හසරංගට MRI පරීක්ෂණයක් සිදු කර ඇති අතර එහි වාර්තා එළබෙන අඟහරුවාදා ලැබීමට නියමිතයි.

මේ අතර ශ්‍රී ලංකා ඉනිමේ පළමු පන්දු වාරයේ පළමු පන්දුවෙන්ම ආබාධයට ලක් වූ කුසල් ජනිත් තවත් සති දෙකක පමණ කාලයක් ක්‍රීඩාවෙන් විවේක ගනු ඇති බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරමින් සිටියි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button