CRICKET NEWS

ශෙහාන් වෙනුවට දික්වැල්ල ඇතුලට – එක් වෙනසක් සමග ශ්‍රී ලංකාව අද තරගයට

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැති දෙවැනි සහ අවසන් විස්සයි විස්ස තරගය අද (06) පල්ලේකැලේ ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.

පළමු තරගයෙන් ලකුණු 25ක ජයක් අත්වූයේ බටහිර ඉන්දීය කොදෙව්වන්ටය.

අද තරගයේදී කොදෙව් කණ්ඩායමේ කිසිදු වෙනස්කමක් සිදු නොවනු ඇති බවත්, ශ්‍රී ලංකා කණ්ඩායම ෂෙහාන් ජයසුරිය වෙනුවට නිරෝෂන් දික්වැල්ල කැඳවීමට ඉඩ ඇති බවත් වාර්තා වේ.

මේ වනවිට කණ්ඩායම් දෙක අතර විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 10ක් පවත්වා ඇති අතර ඉන් තරග 6ක් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබෙනවා.

එහෙත් අවසාන තරග තුනම ජයගෙන ඇත්තේ කොදෙව් කණ්ඩායමයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button