CRICKET NEWSFIRST CLASSRESULTS

කොදෙව් ජවය හමුවේ ශ්‍රී ලංකාවට පරාජය

විස්සයි විස්ස තරග රටාවේ විශේෂඥයන් වන කොදෙව්වන්ගේ පිති ප්‍රහාරය හමුවේ බටහිර කොදෙව් සහ ශ්‍රී ලංකාව අතර පළමු විස්සයි විස්ස තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 25ක පරාජයක් අත්විය.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් කොදෙව්වන් සුපිරි පිති ප්‍රහාරයක් දියත් කරමින් සිය පන්දුවාර විස්ස අවසානයේ ලකුණු 196ක් ලබා ගත්තේය.

එහිදී පන්දු 14 කදී ලකුණු 35 ක් ලබාගනිමින් ප්‍රහාරයක යෙදුණු ඔන්ඩ්‍රි රසල් (35) සහ ආරම්භක පිතිකරු ලෙන්ඞ්ල් සිමන්ස් (නොදැවී 67) එක්ව යෝද ලකුණු පුවරුවට පදනම දැමීය.

රසල් දැවී ගිය පසුව පැමිණි කිරන් පොලාර්ඩ් තමන්ගේ 500 වැනි විස්සයි විස්ස තරගය සැමරූයේ පන්දු 15 කින් ලබාගත් ලකුණු 34 කිනි.

ලකුණු 197ක් හඹා ගිය ශ්‍රී ලංකා ලකුණු පුවරුව ප්‍රථම පන්දුවාර හය ඇතුළතදී ලකුණු 56 කට කඩුලු 5 ක් ලෙසින් සටහන් විය. කුසල් මෙන්ඩිස් ලකුණු බිංදුවකට දැවී ගියේය.

එතැන් සිට ශ්‍රී ලංකාව වෙනුවෙන් හයවැනි කඩුල්ල සදහා ලකුණු 87 ක විශිෂ්ට සම්බන්ධතාවක් ගොඩනැංවූ කුසල් ජනිත් පෙරේරා (66) සහ වනිඳු හසරංග (44) ගේ උත්සාහය ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් නොවීය.

පන්දුවාර දහනමයයි පන්දුවක් අවසානයේ ශ්‍රී ලංකාව ලකුණු 171කට සියලූම දෙනා දැවි ගියේය.

බටහිර ඉන්දීය කොදෙව් : 196/4 (20 Overs)
ලෙන්ඩ්ල් සිමන්ස් : 67 (51)
ඇන්ඩ්‍රී රසල් : 35 (14)

වනිදු හසරංග : 33/4

ශ්‍රී ලංකාව : 171/ All Out (19.1 Overs)
කුසල් ජනිත් : 66 (38)
වනිදු හසරංග : 44 (34)

ඔෂේන් තෝමස් : 28/5

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button