CRICKET NEWSEXCLUSIVE

කුසල්ගේ සහ අවිශ්කගේ විශිෂ්ට ශතක දෙකක් සමගින් ශ්‍රී ලංකාවෙන් කොදෙව්වන්ට ලකුණු 345ක දැවැන්ත ඉලක්කයක්

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ සත්කාර ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන තරඟය මේ වන විට සුරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

කාසියේ වාසිය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ නායක කිරාන් පොලාර්ඩ් පළමුව ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවට පහරදීමට ආරාධනා කළා.ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භ ම්භක පිතිකරුවන් වූ නායක දිමුත් කරුණාරත්න සහ කුසල් ජනිත් පෙරේරා ලකුනු 9ක්තුල ක්‍රීඩාගාරය වෙත හරවා යවන්නට ශෙල්ඩන් කෝර්ට්ල් සමත් උනේ ශ්‍රී ලංකා කණ්ඩායමට තරගයේ බලාපොරොත්තු ගැන දෙවරක් සිතන්නට ඉතිරි කරමින්.

බිඳ වැටුණු ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගීමේ අරමුණින් පිටියට පිවිසි කුසල් මෙන්ඩිස් සහ අවිශ්ක ප්‍රනාන්දු බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ පන්දු යවන්නන්ගේ පීඩනය මැඳ සෙමින් සෙමින් පිටියේ ස්ථාවර මට්ටමක් පැමිණීමට සමත් වුණා.

ඔවුන් දෙදෙනා සිය අර්ධ ශතකය ලැබූ පසු කොදෙව් පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත ප්‍රහාරාත්මක පිතිහරඹයක් දියත් කළා.

ඒ අනුව කුසල් සහ අවිශ්ක ශ්‍රී ලංකාව වෙනුවෙන් ශතක ලබා ගැනීමට සමත් වූ අතර ඔවුන් දෙදෙනා තුන්වන කඩුල්ල වෙනුවෙන් 239ක දැවැන්ත සබදතාවක් ගොඩනැගුවා.මෙය ශ්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනෙක් එක්දින තරගයක තෙවන කඩුල්ලට තැබූ හොදම සඹදතාවය ලෙස වාර්තා පොත් අතරට එක් උන අතර.

ලකුණු 239ක ද්විත්ව ශතක සබඳතාව බිඳ දැමීමට අල්සාරි ජෝසප් සමත් වූ අතර තුන්වන කඩුල්ල ලෙස කුසල් මෙන්ඩිස් දැවී යන විට ලකුණු 119ක් ලබා ගෙන සිටිය අතර හතරවන කඩුල්ල ලෙස අවිශ්ක ප්‍රනාන්දු දැවී යන විට ලකුණු 127ක් ලබා ගෙන සිටියා.

විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණ වන්නේ කලකට පසු කුසල් මෙන්ඩිස් ලකුණු අතරට පැමිණිමට හැකි වීමයි.

271කට කඩුලු 4ක් දැවී තිබු අවස්ථාවක මැඳ පෙළ පිතිකරුවෙකු ලෙස පැමිණි ඇන්ජෙලෝ මැතිව්ස් තමාගේ නිසි වගකීම ඉටු නොකළ අතර ඔහු 1ක් ලකුණුකට පිටියෙන් ඉවත් කිරීමට අල්සාරි ජෝසප් සමත් වුණා.අවසන් භාගයේ තිසර පෙරේරාගේ පිත්තෙන් රැස් වූ වේගවත් ලකුණු 36ත් ඉසුරු උදානගේ හා වනිදු හසරංගගේ වේගවත් පිතිහරඹයත් නිසා පන්දුවාර 50 අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8කට ලකුණු 346 ක් ලබා ගැනීමට සමත් වුණා.

මෙය ශ්‍රී ලංකාව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ශ්‍රී ලංකාවේදී ලබා ගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා පොත් අතරට අයත් වනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button