CRICKET NEWSINTERNATIONALRESULTS

චමරිගේ උත්සාහය යළිත් අපතේ යයි – තරගාවලියේ වැඩිම ලකුණුලාභිනියත් වෙයි

කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පර්ත්හිදී ඊයේ (24) පැවැති තරගයේදී ඕස්ට්‍රේලියාව හමුවේ කඩුලු පහකින් ශ්‍රී ලංකා කාන්තා පිලට පරාජය අත්විය.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව වෙනුවෙන් චමරි අතපත්තු පන්දු 38 කින් රැස්කළ ලකුණු 50 ශ්‍රී ලංකා පිලට ලකුණු 122 ක් දක්වා ඒමට මඟ පෙන්වීය. මෙය අතපත්තුගේ දෙවැනි විස්සයි විස්ස අර්ධ ශතකය වේ. අතපත්තුගේ ඉනිම හතරේ පහර හතකින් සහ හයේ පහර දෙකකින් වර්ණවත් විය.

මේ අනුව කාන්තා ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ වැඩිම ලකුණු ලාභිනියන් අතර පෙරමුුණ ගැනිමට ශී‍්‍ර ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු සමත්ව සිටියි.

ඒ තරග දෙකකදී ලකුණු 91ක් රැස් කරමින්. චමරි අතපත්තු නවසීලන්ත කාන්තා කණ්ඩායම සමග පැවැති තරගයේදී ලකුණු 41ක් රැස් කළා.

අතපත්තු සහ අනුෂ්කා සංජීවනී ප්‍රබල ඕස්ට්‍රේලියානු පන්දු යවන්නියන්ට හිසරදයක් බවට පත්වෙමින් තෙවැනි කඩුල්ලට පන්දු 42 කින් ලකුණු 53 ක් සම්බන්ධතාවක් පැවැත්වූහ.

අනුෂ්කා සංජීවනී පන්දු 31 කදී හතරේ පහර දෙකක් සමගින් ලකුණු 25 ක් රැස්කළාය. නිලක්‍ෂි ද සිල්වා පන්දු 18 කින් ලකුණු 18 ක් රැස්කිරීමට සමත් වූවාය.

මෙහිදී ශ්‍රී ලංකා කාන්තා පිල ප්‍රබල ඕස්ට්‍රේලියානු පිලට හොඳ අභියෝගයක් යොමු කිරීම කැපී පෙනුණි. ඕස්ට්‍රේලියානු පිතිකාරියන්ට ලකුණු 123 ක ඉලක්කය සඳහා ඕවර 19.3 ක් වැයකිරීමට සිදුවිය.

ඕස්ට්‍රේලියානු පිලේ ඉදිරි පෙළ පිතිකාරියන් තිදෙනා ලකුණු 10 ක් තුළ දවාගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ සමත් වූහ. එම දැවී යෑමත් සමඟ ඕස්ට්‍රේලියානු පිල තරමක කඩා වැටීමක් පෙන්නුම් කළේය.

නායිකා මැග් ලැනින් (නොදැවී 41) සහ රචිල් හෙයින්ස් (60) සිවුවැනි කඩුල්ලට පන්දු 85 කින් ගොඩනැගූ ලකුණු 95 ක සම්බන්ධතාව ශ්‍රී ලංකා පිලෙන් ජයග්‍රහණය ඈත් කළේය.

උදේෂිකා ප්‍රබෝදනී සහ ශෂිකලා සිරිවර්ධන දක්‍ෂ පන්දු යැවීමක නිරත වෙමින් කඩුලු දෙක බැගින් දවාගැනීමට සමත් වූහ.

ශ්‍රී ලංකා පිල මේ වන විට සහභාගි වූ තරග දෙකම පරාජයට පත්ව සිටින අතර තෙවැනි තරගය ඉන්දියාවට මෙල්බන්හිදී ලබන 29 වැනිදා පැවැත්වීමට නියමිතය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button