CRICKET NEWSEXCLUSIVE

බෝර්න් අගේන් බලපෑම ඉහළයි – සංචිතය නම් කෙරේ – උපුල් තරංගට ප්‍රබල කැපිල්ලක්!

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර පැවැත්වෙන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

අසන්ත ද මෙල් විසින් සභාපතීත්වය දරනා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නම් කළ මෙම සංචිතයේ පසුගියදා පැවැති පුහුණු තරගයේදි ශතකයක් රැස් කළ උපුල් තරංග ඉවත් කර තිබේ.

තවද බටහිර ඉන්දීය කොදෙව්වන් සමග හෙට දිනයේ පැවැත්වෙන දෙවන පුහුණු තරගයට සංචිතය නම් කර තිබෙනා අතර එම සංචිතයෙන්ද පසුගිය තරගයේ නායකත්වය දුන් උපුල් තරංග ඉවත් කර තිබේ. එය අතිශය අසාධාරණ ක්‍රියාවක් බව බැලූ බැල්මට පැහැදිලි‍ය.

තේරීම් කමිටුවට අවශ්‍යව ඇත්තේ සෙසු ක්‍රීඩකයන් කොතරම් දක්ෂතා දැක්වූවද තමන්ට අවශ්‍ය ක්‍රීඩකයන් පිරිසක් පමණක් කණ්ඩායමේ තබා ගන්නදැයි මෙමගින් සැකයක් ඇතිවේ.

මේ අනුව උපුල් තරංග සහ අසේල ගුණරත්න දෙදෙනාම බටහිර ඉන්දීය කොදෙව් තරගාවලියට නම් කර නොමැති අතර අසන්ත ද මෙල්ගේ සමීපතමයන් ලෙසින් සැලකෙන කුසල් මෙන්ඩිස් , නිරෝෂන් දික්වැල්ල සංචිතයට නම් කර තිබේ.

පසුගිය සමය පුරාම ක්‍රිකට් ක්ෂේත්‍රයේම පිරිස්, ක්‍රීඩකයන් සහ ජනමාධ්‍යවේදීන් දිගින් දිගටම ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් සිදුවන්නේ බෝර්න් අගේන් නම් ආගමික මාෆියාකරුවන් පිරිසකගෙන් යැයී කියමිනි.

තවද පුහුණු තරග අවසන් වීමටත් පෙර සංචිතය නම් කරනවා නම්, පුහුණු තරගවලින් ශ්‍රී ලංකාවට අත්වන සෙතේ කුමක්දැයිද, එමගින් මෙරට තේරීම් කමිටුවේ අමනෝඥබාවය හොදින් පැහැදිලි වෙතැයිද ක්‍රිකට් විචාරකයන් සඳහන් කරයි.

අසන්ත ද මෙල් ඇතුලු තේරීම් කමිටුව විසින් නම් කළ සංචිතය : දිමුත් කරුණාරත්න (නායක),  අවිශ්ක ප්‍රනාන්දු,  කුසල් පෙරේරා,  ෂෙහාන් ජයසූරිය,  නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, තිසර පෙරේරා, දසුන් ශානක, වනිඳු හසරංග, ලක්ෂාන් සඳකැන්, ඉසුරු උදාන, නුවන් ප්‍රදීප්, ළහිරු කුමාර.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button