CRICKET NEWS

වැඩ පෙන්වා කණ්ඩායමට එන්න උපුල්ට හා අසේලට යළිත් අවස්තාවක්

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව  අද දින (17) වැනිදා කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු පුහුණු තරගය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සංචිතයේ නායකත්වය උපුල් තරංගට හිමිව තිබේ.

ක්‍රීඩකයන් 16 දෙනකුගෙන් සමන්විත මෙම සංචිතයට තුන් ඉරියව් ක්‍රීඩකයන් වන කමිඳු මෙන්ඩිස් සහ ශිරාන් ප්‍රනාන්දු ඇතුළත්ව සිටියද, ඩෙංගු උණ වැළඳීම හේතුවෙන් කමිඳුටද, ආබාධයක් හේතුවෙන් ශිරාන්ටද එම අවස්ථාව අහිමිවී තිබේ.

ඔවුන් දෙදෙනා වෙනුවට කඩුලු රකින ක්‍රීඩක සදීර සමරවික්‍රමට සහ තුන් ඉරියව් ක්‍රීඩක තික්ෂිල ද සිල්වාට සංචිතයේ ස්ථාන හිමිව තිබේ. ප්‍රවීණ ක්‍රීඩකයෙකු වන අසේල ගුණරත්නට නැවතත් අවස්තාව හිමිව තිබීමත් විශේෂත්වයකි.

ශ්‍රී ලංකා සංචිතය
උපුල් තරංග (නායක), සඳුන් වීරක්කොඩි, පැතුම් නිස්සංක, සදීර සමරවික්‍රම, අසේල ගුණරත්න, ඇන්ජලෝ පෙරේරා, අෂේන් බණ්ඩාර, දිල්ෂාන් මධුෂංක, අසිත ප්‍රනාන්දු, තික්ෂිල ද සිල්වා, සචිඳු කොළඹගේ, තරිඳු කෞෂාල්, පුලින තරංග, චාමික ගුණසේකර, කවිඳු නදීෂාන් සහ ළහිරු උදාර

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button