CRICKET NEWSEXCLUSIVE

යොවුන් ලෝක කුසලාන අවසන් මහා තරගයේ විනය කැඩූ ක්‍රීඩකයන්ට දඬුවම්

වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන අවසන් මහා තරගයෙන් අනතුරුව ඇති වූ ගැටුමට මූලික වූ දෙරටේ කී‍්‍රඩකයන් 5 දෙනකුට වසර 2ක තරග තහනමක් පැනවීමට අන්තර් ජාතික කි‍්‍රකට් කවුන්සිලය තීරණය කර තිබේ.

ඒ අනුව තරගය අතරතුර සහ තරගය අවසන් වීමෙන් පසු අන්තර් ජාතික කි‍්‍රකට් කවුන්සිල පාලක මණ්ඩලයේ චර්යාධර්ම පද්ධතිය උල්ලංඝනය කිරීමේ සම්බන්ධයෙන් ඉන්දීය කී‍්‍රඩකයින් දෙදෙනකුට සහ බංග්ලාදේශ කී‍්‍රඩකයන් තිදෙනකුට මෙසේ සම්බාධක පැනවීමට අන්තර් ජාතික කි‍්‍රකට් කවුන්සිලය තීරණය කර තිබේ.

ඉන්දීය කඩුලූ රකින කී‍්‍රඩක රවී බිෂ්නෝයි අවස්ථා දෙකකදී වැරදිකරු වූ අතර ඉන්දීය වේග පන්දු යවන කී‍්‍රඩක ආකාෂ් සිං සහ බංග්ලාදේශයේ ටොහිඞ් රයිඩෝයි, ෂාමීම් හුසේන් සහ රකිබුල් හසන් යන කී‍්‍රඩකයන් අන්තර් ජාතික කි‍්‍රකට් කවුන්සිලයේ මගින් සම්බාධක පැනවූ කී‍්‍රඩකයන් අතර වේ.

ක්‍රීඩාව අපකීර්තියට පත් කිරීම සම්බන්ධයෙන් කටයුතු කරන අන්තර්ජාතික කි‍්‍රකට් කවුන්සිලයේ චර්යාධර්ම පද්ධතියේ 2. 21 වැනි වගන්තිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අදාළ කී‍්‍රඩකයන් පස් දෙනාම වැරදි කරුවන් වූ අතර රවී බිෂ්නෝයි එහි 2. 5 වන වගන්තිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවී තිබේ.

ඒ අනුව ඉදිරි වසර දෙකක කාලයක් ඇතුළත ජාත්‍යන්තර තරග කී‍්‍රඩා කිරීම අදාළ කී‍්‍රඩකයන්ට තහනම් වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button