CRICKET NEWS

වසර තිහක වාර්තාවක් අලුත් කරමින් විරාත් කෝලි ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවට අවමානයක් එක්කරයි

වසර තිහකට පසු ඉන්දීය කණ්ඩායම එක්දින තරගාවලි පූර්ණ පරාජයක අමිහිරි අත්දැකීම් ලැබුවා. මොහොමඩ් අසාරුදීන්ගෙන් පසු ඉන්දීය කණ්ඩායම පූර්ණ එක්දින තරගාවලි පරාජයකට ලක් කළ නායකයා ලෙසට ඉන්දීය නායක විරාත් කෝලිද ඉතිහාස ගතවිය.

ඒ ඉන්දියාවට එරෙහිව පිට පිටම තුන් වැනි එක්දින තරග ජයග‍්‍රහණයත් වාර්තා කරමින් නවසීලන්තය දෙරට අතර කි‍්‍රයාත්මක තරග 3කින් සමන්විත එක්දින කි‍්‍රකට් තරගාවලිය 3-0ක් ලෙස ජය ගැනීම සමගය.

මවුන්ට් මන්ගනුයි කී‍්‍රඩාංගණයේ පැවැති අවසන් එක්දින තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50දී කඩුලූ 7ක් දැවී ලකුණු 296ක අභියෝගයක් නවසීලන්තයට ලබා දුන්නා.

එහිදී සිය සිවුවැනි එක්දින ශතකය ලබාගත් ලොකේෂ් රාහුල් පන්දු 113 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 9 ක් සමග ලකුණු 112 ක් රැස්කරමින් ඉන්දීය ඉනිමේ කොඳු නාරටිය බවට පත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය පන්දුවාර 47. 1කදී කඩුලූ 5ක් දැවී අදාළ ජයග‍්‍රාහී ඉලක්කය පසුකර ගියා.

එහිදී වේගවත් පිතිහරඹයක නිතර වූ කොලින් ඩි’ග්‍රෑන්ඞ්හෝම් පන්දු 28 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් සමග නොදැවී ලකුණු 58 ක් රැස්කරමින් නවසීලන්ත ජයග්‍රහණයේ නියමුවා බවට පත් විය.

ලකුණු සටහන

ඉන්දීය කණ්ඩායම පන්දුවාර 50දී කඩුලූ 7ක් දැවී ලකුණු 296 යි (ප‍්‍රතිව් ෂා 40, ෂ‍්‍රියාස් අයියර් 62, කේ. එල්. රාහුල් 112, මනීෂ් පාන්ඬේ 42, හමීස් බෙනට් 4/64)

නවසීලන්තය පන්දුවාර 47. 1කදී කඩුලූ 5ක් දැවී ලකුණු 300යි (මාටීන් ගප්ටීල් 66, හෙන්රි නිකොල්ස් 80, කේන් විලියම්සන් 22, කොලින්ඩි ග‍්‍රෑන්ඞ්හෝම් 58, ටොම් ලේතම් 32, යුස්වේන්ද්‍ර චාහල් 3/47)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button