CRICKET NEWS

ESPNcricinfo 2019 වසරේ සම්මාන උළලේදී කුසල් ජනිත් සහ ලසිත් මාලිංග සම්මානයෙන් පිදුම් ලබයි

ESPNcricinfo වෙබ් අඩවිය විසින් 2019 වසරේ සම්මානලාභීන්ගේ ලැයිස්තුව අද (10) ප්‍රකාශයට පත් කළා.

එහිදී ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු සම්මානලාභීන් අතරට එක්වුණා.

ඒ අනුව පසුගිය වසරේ හොදම ටෙස්ට් ඉනිමට හිමි සම්මානය දිනා ගැනීමට කුසල් පෙරේරා සමත් වූ අතර ඔහු ලෙස සම්මානයෙන් දිනාගැනීමට හේතු වුයේ දකුණු අප්‍රිකාවට එරෙහිව ඔහු නොදැවී ලබා ගත් අග්‍රගණයේ ලකුණු 153 හේතුවෙන්.

එය 2019 වසරේ පමණක් නොව ලෝක ටෙස්ට් ඉතිහාසයේ ද හොදම ටෙස්ට් ඉනිම් අතරට එක්ව තිබෙනවා.

හොදම 20යි 20 පන්දු යැවීමේ දක්ෂතාවයට හිමි සම්මානය ලසිත් මාලිංග විසින් දිනා ගත් අතර ඒ නවසීලන්තයට එරෙහිව පිට පිට පන්දු 4කදී කඩුලු 4ක් ද සමගින් ලකුණු 6කට කඩුලු 5ක් දවා ගැනීම හේතුවෙනුයි මාලිංගට මෙම සම්මානය හිමි වුණේ.

සම්මානලාභීන් –

Test batting performance of the year: Kusal Perera
Test bowling performance of the year: Kemar Roach
ODI batting performance of the year: Ben Stokes
ODI bowling performance of the year: Matt Henry
T20I batting performance of the year: Glenn Maxwell
T20I bowling performance of the year: Lasith Malinga
Captain of the year: Eoin Morgan
Debutant of the year: Jofra Archer
Women’s batting performance of the year: Meg Lanning
Women’s bowling performance of the year: Ellyse Perry
Associate batting performance of the year: George Munsey
Associate bowling performance of the year: Bilal Khan

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button