CRICKET NEWS

තෙවැනි වරටත් ඩේවිඩ් වෝනර් ඇලන් බෝඩර් පදක්කමෙන් පිදුම් ලබයි

වසරේ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි ඇලන් බෝඩර් පදක්කම මෙවර දිනා ගැනීමට ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් අද සමත් වුණා.

ඒ, මෙල්බර්න්හී දී පැවැති වාර්ෂික ඔස්ට්‍රේලියානු ක්‍රිකට් සම්මාන උළෙලේදීයි.

එහිදී වසරේ ක්‍රීඩිකාවට හිමි බෙලින්ඩා ක්ලාක් පදක්කමෙන් පිදුම් ලැබුවේ එලිසේ පේරි.

ඇය එම සම්මානයෙන් පිදුම් ලැබූ තෙවන අවස්ථාව මෙය වන අතර, ඩේවිඩ් වෝනර් ද ඇලන් බෝඩර් සම්මානයෙන් පිදුම් ලැබූ තෙවැනි අවස්ථාව මෙයයි.

සම්මානය දිනා ගැනීමෙන් අනතුරුව ඩේවිඩ් වෝනර් ඉතා හැගීම්බරව අදහස් පල කිරීම විශේෂත්වයක්.

වසරේ ජාත්‍යන්තර 20යි 20 ක්‍රීඩකයා ලෙස ද ඩේවිඩ් වෝනර් සම්මාන හිමි කර ගත්තා.

ආරෝන් ෆින්ච් සම්මානයෙන් පිදුම් ලැබුවේ වසරේ ජාත්‍යන්තර එක්දින ක්‍රීඩකයා ලෙසයි.

වසරේ ටෙස්ට් ක්‍රීඩකයා ලෙස මර්නස් ලබුෂේන් සම්මානයෙන් පිදුම් ලැබුවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button