CRICKET NEWS

විස්සයි විස්සේ වාඩුව නවසීලන්තය එක්දින තරඟාවලියේදී ගනී – වසර 32කට පසු ඉන්දියාව පුර්ණ එක්දින තරඟාවලි පරාජයක් ලබයි

සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැති තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 3-0ක් ලෙස ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම අද සමත් වුණා.

ඒ, අද(11) පැවැති තෙවැනි තරගයෙන් නවසීලන්තය කඩුලු 5ක ජයක් වාර්තා කිරීමත් සමඟයි.

Mount Maunganui හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තයේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 7ක් දැවී ලකුණු 296ක් ලබා ගත් අතර ඉන්දියාව වෙනුවෙන් ලෝක්ෂ් රාහුල් ලකුණු 112ක් රැස් කිරීමට සමත් වුණා.

නවසීලන්තය වෙනුවෙන් පන්දු යැවීමේ දී හමිෂ් බෙනෙට් කඩුලු 4ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය ඉනිම නිමා වීමට පන්දු 17ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 5ක් දැවී සිටියදීයි.

හෙන්රි නිකල්ස් ලකුණු 80ක් සහ මාර්ටින් ගප්ටිල් ලකුණු 66ක් ලබා ගත්තා.

කොලින් ද ග්‍රෑන්ඩ්හෝම් පන්දු 28කින් නොදැවී ලකුණු 58ක් ලබා ගනිමින් නවසීලන්තයේ ජයග්‍රහනය තහවුරු කර දුන්නා.

පන්දු යැවීමේ දී යුස්වේන්ද්‍ර චහල් කඩුලු 3ක් දවා ගත්තා.

අවසන් තරගයේ වීරයා ලෙස හෙන්රි නිකල්ස් සම්මානයෙන් පිදුම් ලැබූ අතර, තරගාවලියේ වීරයා ලෙස රෝස් ටේලර් සම්මානයෙන් පිදුම් ලැබුවා.

ඉන්දියාව තරග 3ක් හෝ ඊට වැඩි තරග සංඛ්‍යාවකින් යුත් එක්දින තරගාවලියක් පූර්ණ ලෙස පරාජයට පත් වූයේ 1988 වසරෙන් අනතුරුව වීම විශේෂත්වයක්.

මෙම තරගාවලියේ දී ජස්ප්‍රිට් බුම්රාට කිසිඳු කඩුල්ලක් දවා ගැනීමට නොහැකි වීම ද විශේෂත්වයක්.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button