CRICKET NEWSINTERNATIONALRESULTS

කලකට පසු ඉන්දියාවට තරගාවලි පරාජයක්

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ නවසීලන්තය අතර අද (8 වැනිදා) පැවැති දෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයෙන් ලකුණු 22 ක ජයක් වාර්තා කිරීමට නවසීලන්තය සමත් විය.

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදීම 2-0 ක් ලෙස ජය ගැනීමටද නවසීලන්ත ක්‍රීඩකයෝ සමත් වූහ.

ඉන්දියාව එක්දින තරගාවලියක් පරාජය වන්නේ කලකට පසු වීම විශේෂත්වයකි.

පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායමට ඕවර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකණු 273 ක් ලබාගත්තා. පළමු තරගයේදී ශතකයක් ලබාගත් රොස් ටේලර් මෙම තරගයේදීද දක්ෂ පිතිහරඹයක නිතර වෙමින් පන්දු 74 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමග නොදැවී ලකුණු 73 ක් රැස් කළා.

ජයග්‍රහණය සඳහා ලකුණු 274 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය කණ්ඩායමට ඕවර 48.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 251 ක් පමණි.

ටිම් සවුති, කයිල් ජෙමීසන්, කොලින් ඩි’ග්‍රෑන්ඩ්හෝම් සහ හමීෂ් බැනෙට් කඩුලු 2 බැගින් දවාගනිමින් නවසීලන්ත ජයග්‍රහණය තහවුරු කළා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button