CRICKET NEWSINTERNATIONALRESULTS

ඉන්දියාව පරදා නවසීලන්තය ජය ගනියි

ඉන්දීයාව සහ නවසීලන්තය අතර පැවැති පළමු එක්දින ජාත්‍යන්තර තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට නවසීලන්තය සමත් විය. ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමටද නවසීලන්තය සමත් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායමට ඕවර 50 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකණු 347 ක් ලබාගත්තා.

එහිදී සිය මංගල එක්දින ශතකය ලබාගත් ශ්‍රෙයස් අයියර්, පන්දු 107 කදී හයේ පහරක් සහ හතරේ පහර 11 ක් සමග ලකුණු 103 ක් රැස්කරමින් ඉන්දීය ඉනිමේ නැංගුරම බවට පත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 348 ක ඉලක්කයක් හඹාගිය නවසීලන්ත කණ්ඩායම පන්දු 11 ක් ඉතිරිව තිබියදී කඩුලු 6 ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගත්තේය.

එහිදී වේගවත් පිතිහරඹයක නිතර වූ රොස් ටේලර්, පන්දු 84 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 10 ක් සමග නොදැවී ලකුණු 109 ක් රැස්කරමින් නවසීලන්ත ජයග්‍රහණයේ නියමුවා බවට පත් විය.

ඉන්දියාව – ඕවර 50කදී කඩුලු 4 කට 347
(විරාට් කෝලි 51, ශ්‍රෙයාස් අයියර් 103, ලොකේෂ් රාහුල් නොදැවී 88, ටිම් සවුති 85/2)

නවසීලන්තය – ඕවර 48.1 කදී කඩුලු 6 කට 348
(හෙන්රි නිකෝල්ස් 78, රොස් ටේලර් නොදැවී 109, ටොම් ලේතම් 69, කුල්දීප් යාදව් 84/2)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button