CRICKET NEWS

පලඟ කුසලානයේ අවසන් මහා තරගයෙන් ශ්‍රී ලංකා යොවුන් පිලට පරාජය

වයස අවුරුදු 19 න් පහළ යොවුන් ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ පළමු වටයෙන්ම ඉවත් වූ රටවල් අතර පැවැති පලඟ ශූරතාවයේ අවසන් මහා තරගයෙන් ශ්‍රී ලංකාව පරාජයට පත් වුනා.

ඒ එංගලන්ත යොවුන් කණ්ඩායමට එරෙහිව ලකුණු 152කින්.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් එංගලන්ත යොවුන් කණ්ඩායම සිය පන්දුවාර පනහ අවසානයේ කඩුලු හතක් දැවී ලකුණු 279ක් ලබා ගත්තා.

ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට පන්දුවාර 31ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කරගත හැකිවූයේ ලකුණු 127ක් පමණයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button