CRICKET NEWS

සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩකයා සිනමාවට – ප්‍රධාන චරිතයකුත් හිමිවේ

ඉන්දියාවේ හිටපු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක හර්බජාන් සිං නළුවෙක් ලෙස සිනමාවට එක්වීමට නියමිත බව වාර්තා වනවා.

ඔහු මෙලෙස එක්වීමට නියමිතව ඇත්තේ දමිළ චිත්‍රපටයකට වන අතර හර්බජාන් එහි ප්‍රධාන චරිතයක් රඟ දක්වන බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කරන්නේ.

දමිළ සිනමාව සම්බන්ධයෙන් පුවත් පළවන ටිවිටර් ගිණුමක මේ පිළිබඳව දැක්වෙන සටහනක් එක්කර තිබු අතර මෙලෙස ඉන්දීය දමිළ සිනමාවට ප්‍රධාන චරිතයකින් එක්වන පළමු ඉන්දීය ක්‍රීඩකයා ලෙස ඔහු හැදින්විය හැක.

මෙම චිත්‍රපටිය ජෝන් පවුල් සහ ශාර්ම් සුර්යා විසින් අධ්‍යක්ෂණය කරන අතර මේ වසරේ ජනප්‍රිය චිත්‍රපටියක් විය හැකි බවයි සිනමා විචාරකයන් පවසන්නේ.

කෙසේ වෙතත් හර්බජාන් සිං ක්‍රිකට් ක්‍රීඩාවේදී දෙවැනි වන්නේ ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ඨ දඟ පන්දු ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ට පමණක් වන අතර හර්බජාන් සිය ක්‍රිකට් දිවියේ කඩුලු 700ක් බිඳ හෙලා තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button