CRICKET NEWS

සිය මව්බිමේදී නවසීලන්තය ඉන්දියාව හමුවේ විස්සයි විස්ස තරඟාවලි පරාජයක් ලබයි

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ සත්කාරක නවසීලන්ත කණ්ඩායම අතර තරඟ 5කින් සමන්විත විස්සයි විස්ස තරඟාවලිය 5ට බින්දුවක් ලෙස ජයග්‍රහණය කිරීමට ඉන්දීය කණ්ඩායම අද සමත් වුණා.

තරඟාවලියේ අවසන් විස්ස තරඟය මවුන්ට් මන්ගනුයි ක්‍රීඩාංගණයේ දී අද පැවැත්වුණු අතර කාසියේ වාසිය දිනාගත් ඉන්දියාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

නියමිත පන්දුවාර විස්ස අවසානයේ ඉන්දියාව කඩුලු 3කට ලකුණු 163ක් ලබා ගත් අතර ඉන්දියාව වෙනුවෙන් රෝහිත් ශර්මා ලකුණු 60ක් ලබාගත් අතර ඔහුගේ පාදයේ අබාධයක් ඇති වීම හේතුවෙන් ක්‍රීඩාංගණයෙන් ඉවත් වීමට සිදු වුණා.

ඊට අමතරව ලෝක්ෂ් රාහුල් ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ලකුණු 45ක් ලබා ගත්තා.

නවසීලන්තය වෙනුවෙන් ස්කොට් කුජ්ජේලේජින් කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුණා.

ලකුණු 164ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත කණ්ඩායමේ මුල් පෙළ කඩුලු 3ක් ලකුණු 17 කදී බිදවැටුණා.

ඉන්පසුව පිටියට පිවිසි රෝස් ටේලර් සහ ටීම් සයිඵර්ට් හතරවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 99ක සබදතාවක් ගොඩනැගූ අතර ටීම් සයිඵර්ට් දවා ගනිමින් එම සබදතාව බිඳ දැමීමට වේග පන්දු යවන ක්‍රීඩක නයිදිප් සයිනි සමත් වුණා.

නවසීලන්තය වෙනුවෙන් රෝස් ටේලර් ලකුණු 53ක් සහ ටීම් සයිඵර්ට් ලකුණු 50ක් ලබා ගැනීමට සමත් වුවත් එය තරඟය ජය ගැනීමට ප්‍රමාණවත් වුයේ නැහැ.

ඒ අනුව ඉන්දීය කණ්ඩායමට ලකුණු 7ක තියුණු ජයක් ලබාගැනීමට සමත් වුණා.

තරඟයේ වීරයා සම්මානය ජස්ප්‍රිට් බුම්රා හිමි කරගත් අතර තරඟාවලියේ වීරයා සම්මානය ලෝකේශ් රාහුල් සමත් වුණා.

මෙම තරඟාවලියෙන් අනතුරුව ඉන්දියාව සහ නවසීලන්තය අතර එක්දින තරඟාවලිය ආරම්භ වන අතර එය ලබන 5 වනදා හැමිල්ටන් හිදී පැවැත්වීමට නියමිතයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button